මුස්ලිම් කොංග්‍රසය උතුරු නැඟෙනහිරදී වෙනම තරග බිමට

  👤  2090 readers have read this article !
Published by : MB WEB 2017-09-11 12:38:11

ලක්ෂ්මී ජයකොඩි

පළාත් පාලන මැතිවරණය සඳහා උතුරු නැඟෙනහිර පළාත් දෙක සඳහා පමණක් වෙනම තරග කිරීමටත් ඉතිරි පළාත් සඳහා එක්සත් ජාතික පක්ෂය හා ඒකාබද්ධව තරග කිරීමටත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ.

එම කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පර් මහතා පැවසුවේ මේ වන විට පක්ෂය බිම් මට්ටමින් මැතිවරණ කටයුතු ආරම්භ කොට ඇති බවයි.

කෙසේ වෙතත් වෙනත් මුස්ලිම් පක්ෂ හෝ සන්ධාන සමඟ එක්ව සිය කොංග්‍රසය මැතිවරණ සඳහා ඉදිරිපත් නොවන බව සඳහන් කළ ලේකම්වරයා කොංග්‍රසයට වෙනත් මුස්ලිම් පක්ෂයකින් කිසිදු ඉල්ලීම් මෙතෙක් ඉදිරිපත්ව නොමැති බවද කීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon