හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමක් වවුනියාවේ පාරක

  👤  2168 readers have read this article !
Published by : MB WEB 2017-09-12 11:27:15

මඩුකන්ද - දීපාල් බණ්ඩාර

වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේදී මාර්ගයේ යුද හමුදා නිල ඇඳුමකට සමාන නිල ඇඳුමක් දමාගොස් තිබියදී ඊයේ (11දා) හමුවූ බව වවුනියාව පොලිසිය පැවසීය.

ප්‍රදේශවාසියකුගෙන් ලද තොරතුරකට අනුව සොයාගත් ඇඳුම පරීක්ෂා කිරීමේදී එහි නිල ලාංඡනද තිබූ බව පොලිසිය පැවැසීය.

මෙය කිසියම් පුද්ගලයකු අපරාධ සඳහා යොදාගත් නිල ඇඳුමක් දැයි සැකයක් පවතින බවත් කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් පරීක්ෂණ පවත්වන බවත් වවුනියාව පොලිසිය සඳහන් කරයි.

වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon