ක්‍රිකට් ගොඩගන්න වැඩමුළුව හෙට: සුගතදාස ක්‍රීඩාංගණය නවීකරණය අද

  👤  2499 readers have read this article !
Published by : MB WEB 2017-09-14 11:26:31

වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව තුළ උද්ගතවී තිබෙන අර්බුදයන් සම්බන්ධයෙන් සාකච්ඡාමය වැඩමුළුවක් හෙට (15දා) පෙරවරු 9.30 සිට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (13දා) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවැසීය.

හිටපු ක්‍රිකට් නායකයන්, හිටපු ක්‍රිකට් සභාපතිවරුන් අතුරුපාලක මණ්ඩලවල හිටපු සභාපතිවරු, ක්‍රීඩාව පිළිබඳව විද්වත් මාධ්‍යවේදීන් මෙන්ම දැනට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන ක්‍රීඩකයන්ද ඇතුළු පිරිස් මෙම වැඩමුළුව සඳහා සහභාගිවීමට නියමිත බවත් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වැඩමුළුවේදී සාකච්ඡා කොට ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ වහාම ක්‍රියාත්මක කරන ලෙසට ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව පැවැසූ අමාත්‍යවරයා ඒවා ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳව දැඩි අවධානයක් යොමුකරන බවත් ප්‍රකාශ කළේය.

හිටපු තේරීම් කමිටුව ඉල්ලා අස්වීමට පෙර පාකිස්තානු තරග සංචාරය සඳහා සංචිතයක් නම් කර තිබුණේද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ක්‍රීඩා අමාත්‍යවරයා "පාකිස්තානය සමඟ පැවැත්වෙන තරගාවලියට අදාළ පුහුණුවීම් සඳහා මූලික සංචිතයක් ඔවුන් නම් කරලයි ගියේ. අපි කියලා තිබ්බා 25 දෙනෙක්ගේ කණ්ඩායමක් හදලා දෙන්න කියලා. ඒ අතරින් දැන් තෝරාගැනීමේ වැඩපිළිවෙළට අවශ්‍ය නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් තව දවස් දෙක තුනකින් පත් කරන්න බලාපොරොත්තු වෙනවා" යැයිද පැවැසීය.

මේ අතර සුතගදාස ක්‍රීඩාංගණයේ නව ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළ මූලික කටයුත්ත ලෙස නව සින්තටික් කෘත්‍රිම ධාවන පථය සැකසීමේ කටයුතු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14දා) පෙව. 9.15ට ආරම්භ වන බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon