අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ ගැසට් පත්‍රය නිකුත් වෙයි
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ විධිවිධාන හෙට (15දා) සිට ක්‍රියාත්මක කෙරෙන ගැසට් නිවේදනය පෙරේදා (12දා) නිකුත් කෙරිණි.
ජාතික ඒකාබද්ධතා හා ප්රතිසංධාන ඇමැතිවරයාද වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2016 අංක 14 දරන අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත ඇතුළු 2017 අංක 09 දරන සංශෝධන පනතින් පැවැරී ඇති බලතල ප්‍රකාරව ඉකුත් සඳුදා (11දා) ගැසට් නිවේදනයට අස්සන් තබා ඇත.
ඒ අනුව පනතේ අදාළ විධිවිධාන ක්‍රියාත්මක වන දිනය 2017 සැප්තැම්බර් 15 වැනිදා බව ගැසට් නිවේදනයෙහි සඳහන්ය.
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම සඳහා වන විධිවිධාන හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
එම කාර්යාලය ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන ජාතික ඒකාබද්ධතා හා ප්රතිසන්ධාන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වනු ඇති බව ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා "මව්බිම"ට පැවැසීය.
ඒ සඳහා තම අමාත්‍යාංශයේ සහාය ලබාදෙන බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා සඳහන් කළේ මෙම කාර්යාලය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී ඇති බවත් ඒ අනුව නුදුරේදීම එම කාර්යාලයට නිලධාරීන් පත් කිරීම, ක්‍රියාත්මක කිරීමට අදාළ අනෙකුත් කටයුතු ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවත්ය.
මෙම කාර්යාලය ක්‍රියාත්මක වූ පසු මෙරට සිදුවූ සියලු අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි මීට ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බව කී අමාත්‍යවරයා අතුරුදන්වූවන් පිළිබඳ සෙවීම ස¼දහා පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවට ඉදිරිපත් කෙරුණු පැමිණිලිද මෙම කාර්යාලයට යොමු කෙරෙනු ඇති බව සඳහන් කළේය.
මෙම කාර්යාලය දුක බෙදා ගැනීමේ කාර්යාලයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බවද හෙතෙම කීය.
අද මව්බිමෙන්
- ජනාධිපති කොමිසම කබීර් හෂීම්ගෙන් පැය 04ක් කරුණු විමසයි 🕔2019-02-22
- නීති විරෝධී ක්‍රියාවල යෙදෙන ධීවරයන්ගේ බලපත්‍ර ජීවිත කාලයටම තහනම් 🕔2019-02-22
- ඥානසාර හිමි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්නැයි බොදුබල සේනා ඉල්ලයි 🕔2019-02-22
- ඥානසාර හිමි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්නැයි බොදුබල සේනා ඉල්ලයි 🕔2019-02-22
- ගල්ගමුවේ පණ්ඩුක ඇතා මිය ගොස් ඇත්තේ මුඛයේ හා උගුරේ ඇතිවූ ආසාධනයකින් 🕔2019-02-22
- එක් කෝටි හැටතුන් ලක්ෂයක රන්බඩු හා රන් බිස්කට් ගෙනැල්ලා 🕔2019-02-22
- අයිස් හොයන්න ගිහින් මදුක මැරුම්කයි 🕔2019-02-22
- ළමයින් ඇතුළු 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් 6 වැනිදා දක්වා රිමාන්ඩ් 🕔2019-02-22
- මාධ්‍යවේදියකුට පහර දුන් පොලිස් පරීක්ෂකවරයා රු. 50,000ක ඇප මත මුදා හරියි 🕔2019-02-22
- පාසල් දරුවකුත් සමඟ හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවක් අත්අඩංගුවට 🕔2019-02-22
- ඊශ්‍රායලයට වන්දනාවේ ගිය පිරිසක් පිටුවහල් කරති 🕔2019-02-22
- අලි නඩුව විභාග කිරීමට බලයක් තිබේද යන්න තීන්දුව මාර්තු 7 වැනිදා 🕔2019-02-22
- දඹාන පෞද්ගලික කෞතුකාගාරයක තිබූ බලපත්‍ර රහිත සත්ත්ව හා ශාක කොටස් සමග සැකකරු අත්අඩංගුවට 🕔2019-02-22
- සැබෑ සිංහල බෞද්ධයන් වැඩ කරනවා මිස බෙර ගහන්නේ නෑ 🕔2019-02-22
- ජනතාව පාර්ලිමේන්තුවට පත්කරලා එවන්නේ කුඩුකාරයෝද? 🕔2019-02-22
- මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමැතිවරුන් ගැන සොයන කමිටුව ගැන අපිට විශ්වාසයක් නෑ 🕔2019-02-22
- ගුරුවරයයි බිරියයි මාර ගහක් උඩ මාර උපවාසයක 🕔2019-02-22
- ග්ලෝරියස් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම හෙටමb 🕔2019-02-22
- යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක් 🕔2019-02-22
- පළාත් සභා ඡන්දය ඉක්මන් කිරීමට ගතයුතු පියවර ගැන ජනපති - විපක්ෂ නායක සාකච්ඡාවක් අද 🕔2019-02-22