වෙරළ සහ සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය අද සිට

  👤  2359 readers have read this article !
Published by : MB WEB 2017-09-15 10:02:24

දෙනගම ධම්මික රණවීර

වෙරළ සහ සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය අද (15දා) සිට 22 දක්වා පැවැත්වෙයි.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය එම වැඩසටහන ක්‍රියාවට නංවයි. එහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15දා) පෙ.ව. 10.00ට මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරයේදී පැවැත්වීමට නියමිතය.
දිවයින වටා වෙරළ තීරයන්හි ගොඩ ගැසී ඇති කසළ එකතු කොට ඒවා සුද්ද පවිත්‍ර කිරීම, ජනතාව හා පාසල් සිසුසිසුවියන් දැනුවත් කිරීම ආදී වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇත. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් එම වැඩසටහන් ක්‍රියාවට නැංවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon