29 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ සහ මැරතන් තරග හෙට-අනිද්දා

  👤  2239 readers have read this article !
Published by : MB WEB 2017-09-15 13:27:39

29 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ කාන්තා/පිරිමි ඇවිදීමේ හා මැරතන් තරග සැප්තැම්බර් 16 හා 17 යන දෙදින තුළදී අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ අනුව ඇවිදීමේ කාන්තා හා පිරිමි තරග 16 වැනිදාත්, මැරතන් තරග 17 වැනිදාත් ආරම්භ වීමට නියමිතව ඇත.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ පිරිමි හා කාන්තා තරග 16 වැනිදා පෙරවරු 6.00ට අනුරාධපුර මධ්‍ය මහ විදුහල අසලින් ආරම්භ වෙයි.
කි.මී. 42.195කින් සමන්විත පිරිමි මැරතන් තරගය 17 වැනිදා පෙරවරු 6.00ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වී ගල්කුලම හන්දිය පසුකර ආරම්භක ස්ථානයෙන්ම අවසන් වීමට නියමිතව ඇත.

මේ අතර කි.මී. 21.0975කින් යුත් කාන්තා තරගය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වී කලන්තාව මධ්‍ය මහා විද්‍යාලය පසුකර ආරම්භක ස්ථානයෙන්ම අවසන් වෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon