අනගාරික ධර්මපාලතුමාගේ 153 වැනි ජන්ම සමරුව ඉරිදා විහාරමහාදේවි උද්‍යානයේදී

  👤  1900 readers have read this article !
Published by : MB WEB 2017-09-15 14:30:38

සවනි ශේශාධි

මහාබෝධි සංගමයේ නිර්මාතෘ ශ්‍රී මත් අනගාරික ධර්මපාලතුමාගේ 153 වැනි ජන්ම දින සැමරුම් උත්සවය සැප්තැම්බර් මස 17දා (ඉරිදා) කොළඹ 07 විහාර මහා දේවි උද්‍යානය අබියස පිහිටි අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුව අසලදී පැවැත්වේ.

ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ සමරු උළෙල සඳහා කොරියාවේ පාර්ක් ජුන් කෝ මහතා සහ එම මැතිනිය ඇතුළු විශේෂ දූත පිරිසක් ආරාධිතයන් ලෙස සහභාගි වීමට නියමිතය.

මහා බෝධි සංගමය මඟින් සෑම වසරකදීම ශ්‍රී මත් අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම දින සැමරුම් උත්සව සංවිධාන කරන අතර මෙවර උත්සවය බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සහ කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් සහ පාසල් සිසු සිසුවියන් විශාල පිරිසකගේ සභාගීත්වයෙන් පැවැත්වේ.

කොළඹ මහ නගර සභාවේ පූර්ණ දායකත්වයෙන් සිදු කෙරෙන මේ සැමරුම් උළෙලේදී අනගාරික ධර්මපාල පිළිරුවට මල්මාලා පලඳවා පුෂ්පෝපහාර දැක්වීමද සිදුකෙරේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon