රොහින්ගියා මුස්ලිම්වරුන්ට එරෙහි හමුදා ක්‍රියාකාරකම් නවත්වන්න එ.ජා. සංවිධානය මියන්මාර ආණ්ඩුවට කියයි

  👤  2760 readers have read this article !
Published by : MB WEB 2017-09-15 12:25:19

මියන්මාරයේ රොහින්ගියා මුස්ලිම්වරුන්ට එරෙහි හමුදා ක්‍රියාකාරකම් අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටෙරෙෂ් සහ එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය මියන්මාර ආණ්ඩුවට දැනුම් දී තිබේ.

ස්වීඩනයේ හා බි්‍රතාන්‍යයේ ඉල්ලීම මත පසුගිය බදාදා ආරක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනා එක්ව කරන ලද සාකච්ඡාවකදී මියන්මාරයේ තත්ත්වය ප්‍රසිද්ධියේ හෙළා දැකීමට තීරණය කර ඇත.

රොහින්ගියා සරණාගතයන් පත්ව ඇති ඛේදනීය තත්ත්වය කිසිසේවත් පිළිගත නොහැකි අතර මහත් ව්‍යසනයක් බව ඇන්තෝනියෝ ගුටෙරෙෂ් පවසා ඇති අතර එය මහත් විනාශකාරී බව ද කියා තිබේ.

පසුගිය සති කිහිපය තුළ රක්හිනේ (Rakhine) ප්‍රදේශයේ සිටි රොහින්ගියා මුස්ලිම්වරුන් 3,70,000ක් පමණ යාබද බංග්ලාදේශයට පලා ගොස් තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon