’95 කරපු මිනී මැරුමකට 4 දෙනකුට මරණ දඬුවම

  👤  2413 readers have read this article !
Published by : MB WEB 2017-09-15 10:58:29

දමුණුපොළ - චමින්ද ජයලත්, කෑගල්ල - බණ්ඩාර මද්දුමගේ, ඒ.සේනාරත්න

පිහියකින් ඇන, කඩුවකින් කොටා මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ පුද්ගලයන් හතර දෙනකුට කෑගල්ල පළාත් බද මහාධිකරණ විනිසුරු ජී. ඒ. ධම්මික ගනේපොළ මහතා ඊයේ (14දා) මරණ දඬුවම නියම කළේය.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ දීවෙල පල්ලේගම පදිංචි රන්හවඩිගේ ජයවීර නොහොත් පොල්ලේ කැතේතේ ජයවීර, අත්තනගොඩ මොළගොඩ පදිංචි කරුණාගේ නිමල් රණතුංග නොහොත් සමන්ත, දීවෙල පල්ලේගම පදිංචි ජයසිංහගේ චන්ද්‍රරත්නගේ ගුණසිරි සහ දීවෙල පල්ලේගම පදිංචි රන්හවඩිගේ ජයතුංග නොහොත් සීතා යන සිවු දෙනාටය.

1995 සැප්තැම්බර් මස 29 දින හෝ ඊට ආසන්න දිනකදී ඉඹුල්හින්න අලපලාවල පදිංචි ඇතුගල් පේඩිගේ සිරිමල් බණ්ඩාර යන අය මැල්ලගම ජනපදය, දීවෙල පල්ලේගම සිය ඥාති නිවසක වහලය සෑදීමට පැමිණ සිටියදී රාත්‍රි 8.30 ට පමණ පිරිසක් පැමිණ පිහියකින් ඇන, කඩුවෙන් කොටා ඝාතනය කොට පලා ගොස් තිබිණි. පසුව මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය එවකට කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩී. පී. එස්. විජේසිංහ මහතා විසින් සිදු කර තිබිණි. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වන හය දෙනකු පොලිසිය විසින් හඳුනාගෙන තිබුණු අතර පළමු සැකකරු සිද්ධිය වූ දා සිට අද දක්වා අතුරුදන්ව ඇත. දෙවන සැකකරුගේ සිට හය වැනි සැකකරු දක්වා නඩුව ඉදිරියට පවත්වාගෙන ගිය අතර හය වැනි සැකකරු වූ මාරසිංහගේ ගුණරත්න නොහොත් ගාමිණී උඩුවෙල මරණයට පත්ව තිබිණි. සැකකරුවන්ට එරෙහිව කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නඩුවට අදාළ පැමිණිල්ල නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් පසු සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ගොනු කර කෑගල්ල පළාත් බද මහාධිකරණයට 2001 වසරේ යොමු කොට තිබිණි. ඊයේ (14දා) සැකකරුවන්ගෙන් හතර දෙනකු වැරදිකරුවන් කරමින් පැවසීමට යමක් ඇත්දැයි අධිකරණය විමසූ අවස්ථාවේදී ඔවුන් කිසිවක් නොදන්නා බව පැවැසීය. පසුව මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා මරණ දඬුවම නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් රළපනාව (31185) අධිකරණයේ පෙනී සිටියේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon