ඇලෝසියස්ගේ රෙදි පලිසේන අතින්ම ගැලවෙයි

  👤  2029 readers have read this article !
Published by : MB WEB 2017-09-16 09:49:28

කමල් මහේන්ද්‍ර වීරරත්න

අර්ජුන් ඇලෝසියස් පාර්ලිමේන්තු 'කෝප්' කමිටුව හමුවේ ප්‍රකාශ කොට ඇත්තේ පට්ටපල් බොරු බව ඇලෝසියස්ගේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේම ප්‍රධාන විධායක කසුන් පලිසේන පෙරේදා (15දා) බැඳුම්කර කොමිසම හමුවේදී පිළිගත්තේය.

තම මාමණ්ඩිය වන අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් වූ දින සිට තමා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නිලතලවලින් ඉවත් වූ බවත් එතැන් සිට සමාගමේ කිසිදු කටයුත්තකට තමා සම්බන්ධ නොවූ බවත් 'කෝප්' කමිටුව හමුවේදී අර්ජුන් ඇලෝසියස් විසින් කරනු ලැබූ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් බවත්,
ඇත්ත වශයෙන්ම සිදුවූයේ ප්‍රධාන විධායක නිලධාරි වශයෙන් ඔහු විසින් එතෙක් සිදුකළ කටයුතු හා කාර්යභාරය ප්‍රායෝගිකව ඔහු විසින්ම දිගටම සිදුකළ අතර, නිල වශයෙන් එම කටයුතු එකී තනතුරට පත් වූ තමා මඟින් සිදුවීම පමණක් බවත් පලිසේන, කොමිසමේ කොමසාරිස්වරයකු වන ජේ‍යෂ්ඨ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න එස්. ජයවර්ධන මහතා විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී තමා විසින් සමාගම වෙනුවෙන් මිල ගණන්පත් (ඕඪඤඵ) ඉදිරිපත් කළ නමුත් එම මිල ගණන්පත් සඳහා අවශ්‍ය සියලු තොරතුරු ලබාදීම දිගටම සිදුකළේ අර්ජුන් ඇලෝසියස් විසින්ම බවද පලිසේන තවදුරටත් කොමිසම හමුවේ පිළිගත්තේය.

2015 සිටම දිගින් දිගටම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි ඇතුළු සියලු ව්‍යාපාරික කටයුතු මෙහෙයවන ලද්දේ අර්ජුන් ඇලෝසියස් විසින්ම බවද ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා නඟන ලද හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේය.

පිළිතුරු දීමේදී මතුවූ ගැටලුකාරී තත්ත්වයන් හමුවේ කොමිසමේ සභාපති ජේ‍යෂ්ඨ ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතා සාක්ෂිකරුට දැඩිව අවවාද කරමින් "තමාද සත්‍යයම පවසන බවට කොමිසම හමුවේ දිවුරුම් දී සිටිමින්ම පට්ටපල් බොරු ප්‍රකාශ කරන බව මේ වන විටත් නිරීක්ෂණය වී තිබෙන බව අමතක කරන්න එපා" යැයි පැවැසීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon