ශ්‍රී ලනිප මැති-ඇමැති පිරිසගෙන් 20 වැනිදාට තීන්දුවක්

  👤  2206 readers have read this article !
Published by : MB WEB 2017-09-16 10:01:32

ලක්ෂ්මී ජයකොඩි

ආණ්ඩුව නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීම තීරණය කිරීමට එම කණ්ඩායම එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වන බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ඉරිදා 'මව්බිම'ට පැවැසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර අමාත්‍යවරයා සඳහන් කෙළේ ආණ්ඩුව නියෝජනය කරනු ලබන මැති ඇමැතිවරු පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමේ තීරණයේ මෙතෙක් වෙනසක් නොමැති බවයි.

තමාට විවිධ උසස් තනතුරු ලබාදීමට ආණ්ඩුවෙන් ඇරැයුම් ලැබුණත් දැන් තනතුරුවලින් වැඩක් නොමැති බව ඔහු සඳහන් කෙළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon