ඕනෑම ඡන්දෙකට මම සූදානම්

  👤  1765 readers have read this article !
Published by : MB WEB 2017-09-16 11:36:13

දයා පෙරේරා, , ජේ.ටී. ද සිල්වා

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ජනාධිපතිවරයා හෝ ශේ‍ර්ෂ්ඨාධිකරණය හෝ නියෝග කළහොත්, ලබන ජනවාරි මාසයේදී පළාත් පාලන ඡන්ද විමසීම හා ජනමත විචාරණය පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය 'මව්බිම' ට පැවැසීය.
මේ ඡන්ද විමසීම් දෙකෙන් වඩා ප්‍රමුඛතාව දිය යුතු ඡන්දයට ප්‍රමුඛතාව දෙන බවත් සභාපතිවරයා කීය.

"ගිනි දෙකක් හටගතහොත් ගිනි දෙකම නිවනවා මිස, එක් ගින්නක් පමණක් නිවන්නේ නැහැ නේ දැයි" ප්‍රශ්න කළ මහින්ද දේශප්‍රිය මහතා, ඕනෑම අවස්ථාවක ඡන්දයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් යැයිද සඳහන් කළේය.

පළාත් පාලන ඡන්ද විමසීම දෙසැම්බර් 9 වැනිදා (සෙනසුරාදා) පැවැත්වීමට අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය නිසා නොහැකිවූ බවත් එම ඡන්ද විමසීම ජනවාරි මස 6 වැනිදා (සෙනසුරාදා) පැවැත්වීමට අපේක්ෂාවෙන් සිටින බැවින් ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නම්, එයද ජනවාරි මාසයේදී පැවැත්වීමට බාධාවක් නැතැයිද දේශප්‍රිය මහතා පැවසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon