විදුලිබල මණ්ඩලයෙන් විශ්‍රාම ගිය අයට කැඳවීමක්

  👤  1534 readers have read this article !
Published by : MB WEB 2017-09-16 12:44:47

උපතිස්ස පෙරේරා

2014 සැප්තැම්බර් 01 දායින් පසු විශ්‍රාම ගිය ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරිවරුන්, ෆෝමන්වරුන්, විදුලි කම්බිකරුවන් ඇතුළු එම ක්ෂේත්‍රයේ සේවකයන්ට වහාම සේවයට වාර්තා කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය උපදෙස් දී තිබේ.

ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය මඟින් ඉකුත් 13දා ආරම්භ කරන ලද පැය 48ක වැඩ වර්ජනය 15දා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් බවට පරිවර්තනය කිරීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනක විදුලිය බිඳ වැටීම් සිදුව ඇතැයි අනාවරණය වෙයි.

මේ වැඩ වර්ජනය නිසා රෝහල්වල ශල්‍යාගාර සේවා ඇනහිටීමෙන් බරපතළ තත්ත්වයන් උදා වී ඇති අතර හිඟුරක්ගොඩ දිසා රෝහලේ විදුලිය ඇනහිටීම නිසා හෘදයාබාධයකට ලක් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු මියගොස් තිබේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon