රණවිරුවන් වෙනුවෙන් අල්-හුසේන්ට සන්දේශයක්

  👤  1521 readers have read this article !
Published by : MB WEB 2017-09-16 15:21:11

දෙනගම _ ධම්මික රණවීර

යුද නායකයන් ඇතුළු රණවිරුවන්ට අභූත චෝදනා නොකරන ලෙස දන්වා ලබන 24 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් වෙත සන්දේශයක් භාරදීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය කටයුතු යොදා තිබේ.

ලබන 20 සිට 29 දක්වා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 36 වැනි සැසිවාරයට සහභාගි වී එම සන්දේශය භාරදීමට නියමිතය. ඒ සඳහා ගෝලීය ශ්‍රී ලංකා සංසදය නියෝජනය කරමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, නීතිඥ රාජා ගුණරත්න, නීතිඥ නුවන් බැල්ලන්ගොඩ ඇතුළු පිරිසක් සමුළුවට සහභාගිවීමට නියමිතය.

එල්. ටී. ටී. ඊ. හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන 8ක නියෝජිතයන්ද එම සමුළුවට එක්වීමට නියමිත බවද වාර්තාවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon