දඩ මුදල් ගෙවන්න සංඝරත්නය පිඬුසිඟා වැඩීම සුදුසු නෑ

  👤  1847 readers have read this article !
Published by : MB WEB 2017-09-18 09:42:05

මහනුවර - නදීක දයා බණ්ඩාර

දේශපාලන පක්ෂ වෙනුවෙන් මහා සංඝරත්නය පෙනී සිටීම කනගාටුදායක යැයි විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවැසීය.

සිල් රෙදි නඩු තීන්දුව වෙනුවෙන් ඇතැම් මහා සංඝරත්නය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට අකැමැති වන නමුත් රුපියල් ශත වෙනුවෙන් උන්වහන්සේ පිඬු සිඟා වැඩීම අනුමත කළ නොහැකි යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

භික්ෂුන් වහන්සේ මෙන්ම ගිහියන්ටද විනයක් පවතින බවත් මුදල් වෙනුවෙන් භික්ෂුන් වහන්සේ ක්‍රියාත්මක විය යුතු බව විනය පිටකයේ සඳහන් යැයි තමන් නොදන්නා බව ගලගෙදර ප්‍රාථමික විද්‍යාලයේදී පෙරේදා (16දා) පැවැති රැකියා ලබාදීමේ වැඩසටහනකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

මහා සංඝරත්නය පිණ්ඩපාතයේ යෙදිය යුතු අවස්ථාවන් පිළිබඳ විනය පිටකයේ පැහැදිලිව සඳහන් යැයි කී අමාත්‍යවරයා, වරදකරුවන්ගේ දඩ මුදල් ගෙවීම සඳහා මහා සංඝරත්නය පිඬුසිඟා වැඩීම උන්වහන්සේට සුදුසු නොවන බව කීවේය.

වරදකරුවන්ට දඬුවම් ලබාදීම වත්මන් රජය සිදුකරන බවත් මේ වනවිට පත්කොට ඇති ජනාධිපති කොමිසම සිදුව ඇති වංචා පිළිබඳ විමර්ශන පවත්වන බව කී අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

මෙම කොමිසමට සිදු කළ හැක්කේ කරුණු සොයා ගැනීම පමණයි. වරදකරුවන්ට දඬුවම් ලබාදීමේ බලය කොමිසමට ලබාදී නැහැ.

නමුත් කළ පරීක්ෂණවලදී කරුණු ගණනාවක් මේ වනවිට හෙළිදරව් වී තිබෙනවා. එහි වාර්තාව නිකුත් කළ පසු අදාළ අංශ වෙත නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතිනවා.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon