විදුලිය සැපයුමට බාධාවක් නෑ: වර්ජනය අසාර්ථකයි

  👤  1846 readers have read this article !
Published by : MB WEB 2017-09-18 09:56:16

උදයන්ති මුණසිංහ

ලංකා විදුලිබල මණ්ඩල සේවකයන් ගෙනයන වර්ජනය අසාර්ථක බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි.

ඉතාම අතළොස්සක ප්‍රමාණයක විදුලි බිඳවැටීම් කිහිපයක් සිදුවුවද රටේ සෑම තැනකම බාධාවකින් තොරව විදුලිය සම්පාදනය කිරීමට හැකි වූ බවත්, ජනන අංශය සහ සම්ප්‍රේෂණ අංශය 100%ක්ද, බෙදාහැරීම් අංශය 65% ක්ද ක්‍රියාත්මක වූ බවත්, එයට සහාය දුන් කාර්යමණ්ඩලවලට ස්තුතිය පළකරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටී.

කුමන බාධක පැමිණියද අඛණ්ඩව මහජනතාවට විදුලිය ලබාදීමට කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටී.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළද ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා සහ අමාත්‍යවරයා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ලක්ෂ පනස්පහක් (55) ඉක්මවන පාරිභෝගික ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සහතික කරනු පිණිස සේවයට කැපවීම අත්‍යවශ්‍ය බැවින් දැනට සේවයෙන් බැහැරව සිටින අනියම් හා තාවකාලික පත්වීම්ලාභී සහ පරිවාස කාලසීමාවේ පසුවන සියලුම සේවක සේවිකාවන් වහාම තම සේවා ස්ථානය වෙත රාජකාරි සඳහා වාර්තා කළ යුතු බවත් එසේ සේවයට වාර්තා නොකරන සේවක සේවිකාවන් සේවය අතහැර ගියා සේ සලකා ක්‍රියා කරන බවත්ය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon