බැඳුම්කර හොරුන්ට වහාම නීතියෙන් දඬුවම් දියයුතුයි

  👤  1518 readers have read this article !
Published by : MB WEB 2017-09-18 14:13:53

ලක්ෂ්මී ජයකොඩි

ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඊට වගකිව යුත්තන්ට දඬුවම් ලබාදීමට පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලීමට පත්කොට ඇති ජනාධිපති කොමිසමේ කුමක් සිදුවුවත් එම කොමිසම හමුවේ මෙතෙක් හෙළිදරව් වී ඇති කරුණුවලට අනුව අර්ජුන් ඇලෝසියස් හා ඔවුන්ට එම කාර්යය සඳහා උදවු ලබාදුන් සියලුදෙනා දැනටමත් ජනතා අධිකරණයේ වැරැදිකරුවන් වී හමාර බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

මේ සිදුවීම පිළිබඳව පළමුව ප්‍රශ්න කළේ තමා බවද එදා සිට අද දක්වා රජයෙන් ඉල්ලා සිටින්නේ ලංකා ඉතිහාසයේ සිදුවී ඇති විශාලතම වංචාව වන ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධියේ වගඋත්තරකරුවන් නීතිය ඉදිරියට පමුණුවා ඔවුන්ට දඬුවම් ලබාදෙන ලෙස බවද හෙතෙම කීය.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුවේ අධිකරණය පිළිබඳව තවමත් විශ්වාසයක් ඇති නිසා ඇතැම් නඩු පිළිබඳව අභියාචනා සිදුකරන බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon