වැලිකඩ රෝහලේ වැඩබලන වෛද්‍ය නිලධාරීණියට ස්ථාන මාරුවක්

  👤  1299 readers have read this article !
Published by : MB WEB 2017-09-18 17:30:37

වැලිකඩ බන්ධනාගාර රෝහල් වැඩබලන වෛද්‍ය නිලධාරී ලෙස කටයුතු කළ වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මිය සඳහා ස්ථාන මාරුවක් ලබා දී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එම මහත්මිය කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි සඳහන් වන්නේ.

වැලිකඩ බන්ධනාගාර රෝහල් සේවයේ නියුතු වෛද්‍යවරුන් 19 දෙනෙකුගේ ඉල්ලීම මත සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම ස්ථාන මාරුව ලබා දී ඇති බවයි වැඩි දුරටත් පැවසෙන්නේ.


සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon