මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම කඩාකප්පල් කරන එක පාපකර්මයක්

  👤  1958 readers have read this article !
Published by : MB WEB 2017-09-19 09:54:55

සමහර මාධ්‍යන් විසින් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම කඩාකප්පල් කිරීමට දරන උත්සාහය මහා පාපකර්මයක්" බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පසුගිය සතිය තුළ අපි දැක්කා සමහර මාධ්‍යවලින් මධ්‍යම අධිවේගී මාර්ගය කඩාකප්පල් කරන්න හදනවා. ඊර්ෂ්‍යාවට. මේක ඊර්ෂ්‍යාවක්. මේ ප්‍රදේශවල සමහර අය ඉන්නවා මේ ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න, කුමන්ත්‍රණය කරන අය. මොකද ඒ අයට අවුරුදු 20ක් පමණ මධ්‍යම අධිවේගී මාර්ගය කරන්න බැරි වුණා. පසුගිය ආණ්ඩුව වසර 20ක් රට පාලනය කළා. චන්ද්‍රිකා මැතිනිය අවුරුදු 10ක්. මහින්ද රාජපක්ෂ අවුරුදු 10ක්. ඒ අයට කරන්න බැරි වූ දේ මේ ආණ්ඩුව කරනවා කියා මේ මාර්ගයට නොයෙක් අවාලද නඟනවා. ඒ අවලාදවලට අගමැතිතුමා පැහැදිලිව පිළිතුරු දුන්නායි, කිරිඇල්ල ඇමැතිවරයා පවසයි.

එක්තරා මාධ්‍යක් අහනවා මේ කොළඹ _ නුවර අධිවේගී මාර්ගය හදන්නේ මොකටද කියලා. මේ වගේ සිල්ලර කතාවලට උත්තර දෙන්න ආණ්ඩුවට වේලාවක් නැහැ. ඔය මාධ්‍යවලින් මෙහෙම පහර ගහන කොට මේ ව්‍යාපෘතිය සඳහා මුදල් වියදම් කරන්න එන ආයෝජකයන් බය වෙනවා. මේ හදන්නේ බය කරන්න. මෙහෙම පහර පිට පහර දීලා මෙයට මුදල් වියදම් කරන්න එන ආයෝජකයන් බය ගන්නලා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නවත්තන්නයි හදන්නේ. මම මේ අයට කියනවා මහනුවර අධිවේගී මාර්ගය කියන්නේ එසේ මෙසේ මාර්ගයක් නෙවෙයි. ශ්‍රී දළදා වහන්සේ වන්දනාමාන කිරීමට එන මාර්ගයක්. එහෙම මාර්ගයක ඉදිකිරීම කඩාකප්පල් කරන්න උත්සාහ කිරීම පාපකර්මයක්.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ උස්ස අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයත් මාර්ග සංවර්ධන අධිකාරියත් එක්ව සංවිධානය කරන මාර්ග සති 09 වැනි අදියර "පාතදුම්බර පුබුදුව" වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

වසර 2000දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා අගමැති කාලයේ කොළඹ _ මහනුවර අධිවේගී මාර්ගය ආරම්භ කරන්න මැලේසියානු රජයෙන් උදවු ලබා ගන්න කියලා මම එදා ඉල්ලීමක් කළා. අගමැතිතුමා මැලේසියානු ආයෝජකයෙක් ලංකාවට ගෙන්වා එම ආයෝජකයා මඟින් මධ්‍යම අධිවේගී මාර්ගය හදන්න සියලු කටයුතු සූදානම් කළා. නමුත් 2004 ආණ්ඩු පෙරළියත් සමඟම පසුගිය රජය මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කරන්න උනන්දු වුණේ නැහැ. 2005 ජනාධිපතිවරණයේදීත් අනෙකුත් පළාත් සියල්ලම මහින්ද රාජපක්ෂ ජයගන්න කොට මහනුවර දිස්ත්‍රික්කය ඡන්ද 75,000කින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළා. මේ සියල්ලම හිතේ තියාගෙන මට ඡන්දය දුන්නේ නැහැ කියන සංකල්පය හිතේ තියාගෙන මහින්ද රාජපක්ෂ එදා මහනුවර දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම අමතක කළා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආරම්භ කරන්න හදපු මහනුවර - කොළඹ අධිවේගී මාර්ගය හමස් පෙට්ටියට දැම්මා.

මහනුවර නගර තදබදය අවම කරන්නට උමං මාර්ගයක් හදනවා. දළදා මාලිගාව අබියස මාර්ගය විවෘත කරන්නේ නැහැ. එයට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. ඊට විකල්ප මාර්ගයක් අවශ්‍යයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon