දුම්රිය වර්ජනය අවලංගුයි

  👤  1815 readers have read this article !
Published by : MB WEB 2017-09-20 14:18:38

අග්‍රමාත්‍ය ලේකම්වරයා සමඟ සිදු කළ සාකච්ඡාවෙන් අනතුරුව අද(20) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියැදුරු, නියාමක, ස්ථානාධිපති සහ පාලකවරුන් විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට කටයුතු කර ඇතයි වාර්තා වේ.

UPDATE....................................................................................................................................................................

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

දීර්ඝ කාලයක් පුරා පවතින වැටුප් විසමතාවට විසඳුම් ලබා නොදීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, පාලකවරුන් අද (20දා) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කොට තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ට බලපා තිබෙන වැටුප් විසමතාව පිළිබඳව වැටුප් කොමිසම සමඟ සාකච්ඡාවක් ඊයේ (19දා) ජාතික වැටුප් කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟින් පැවැත්වූ බවත් එම සාකච්ඡාව අසාර්ථක වූ බැවින් මෙම තීරණය ගත් බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂක නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංවිධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා "මව්බිම"ට පැවැසීය.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ රියැදුරන් නියෝජනය කරන සංගම් තුනකට අදාළ දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, පාලකවරුන් මෙම වැඩ වර්ජනයේ නිරත වේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon