සරසවිවල අද කළු කොඩි

  👤  1776 readers have read this article !
Published by : MB WEB 2017-09-21 11:43:36

සවනි ශේශාධි

අද (21දා) රට පුරා දියත් කෙරෙන දැවැන්ත වැඩ වර්ජනයට සහාය පළ කරමින් විශ්වවිද්‍යාලවල කළු කොඩි එසවීමට කටයුතු යොදා ඇත.
සෞඛ්‍ය සහ අධ්‍යාපන වෘත්තීය සමිති දියත් කරන වැඩ වර්ජනයට ශිෂ්‍ය ප්‍රජාව ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයට සම්බන්ධ සියලු විශ්වවිද්‍යාලවල සහ අග්නි දිග විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන් හා භික්ෂුන් වහන්සේ අද පන්ති වර්ජනයක නිරත වන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි "මව්බිම" කළ විමසීමකදී පැවසූහ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය නුවරදීද, රුහුණ විශ්වවිද්‍යාලය සරසවිය ඉදිරිපිටදීද, ශ්‍රී පාලි මණ්ඩපය හොරණ නගරයේදීද, වයඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදීද ආදී වශයෙන් අද (21දා) පන්ති වර්ජනයට සමගාමීව සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට සහ ඒ ආසන්න ප්‍රධාන නගරවලදී විරෝධතා සංවිධාන කොට ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon