අවුරුදු 14න් පහළ අන්තර් පාසල් රග්බි තරගාවලිය මේ සති අන්තයේ රුවන්වැල්ලේදී

  👤  1354 readers have read this article !
Published by : MB WEB 2017-09-22 15:27:29

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය මයිලෝ අනුග්‍රහයෙන් සංවිධානය කරනු ලබන එක් පිලකට දහදෙනකු සහභාගි වන අවුරුදු 14න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් රග්බි තරගාවලිය මෙම සති අන්තයේදී (සැප්තැම්බර් 23-24) රුවන්වැල්ල ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.
"ඒ" සිට "එච්" දක්වා කාණ්ඩගත කර ඇති මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 33ක් එක්ව සිටී.

ඒ අනුව "ඒ" කාණ්ඩය යටතේ අසෝක, ඩඩ්ලි සේනානායක, කුරුණෑගල ඩී.බී.වෙළගෙදර හා පන්නෙගමුව යන විදුහල්ද, "බී" කාණ්ඩය යටතේ රත්ගම දේවපතිරාජ, ගුරුතලේ ශා. තෝමස්, වැරැල්ලෙගම නුගවෙල, ලුණුගම්වෙහෙර යන විදුහල් කණ්ඩායම්ද, "සී" කාණ්ඩය යටතේ මහනුවර ඩී.එස්.සේනානායක, දෙහිවල එස්.ද.එස්. ජයසිංහ, ගම්පොල වික්‍රමබාහු, කෑගලු විදුහල් කණ්ඩායම්ද, "ඩී" කාණ්ඩය යටතේ කොළඹ විදුර, වත්තල ශා. අන්තෝනි, සර් ජෝන් කොතලාවල, පානදුර ශ්‍රී සුමංගල, අනුරාධපුර ශා.ජෝෂප් යන කණ්ඩායම්ද එක්ව සිටී.

තවද "ඊ" කාණ්ඩය යටතේ ගාල්ල ශා. ඇලෝසියස්, චන්ද්‍රානන්ද බෞද්ධ පාසල, බුත්තල දුටුගැමුණු සහ ගල්කිස්ස ශා. තෝමස් කනිටු විදුහල් කණ්ඩායම්ද, "ඒ" කාණ්ඩය යටතේ කොළඹ හින්දු විදුහල, ගිංතොට විදුහල, පේරාදෙණිය සරසවි උයන, දෙබරවැව ජනාධිපති විදුහල් කණ්ඩායම්ද, "ජී" කාණ්ඩය යටතේ කටුගස්තොට රාහුල, බණ්ඩාරවෙල ශා. තෝමස්, මහනුවර මහානාම, දෙබරවැව විදුහල් කණ්ඩායම්ද, "එච්" කාණ්ඩය යටතේ මහරගම ජනාධිපති, රුවන්වැල්ල රාජසිංහ, පානදුර මහානාම නවෝද්‍යා, මාවනැල්ල සහිරා යන විදුහල් කණ්ඩායම් සුදුසුකම් ලබා ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon