කෝප් කමිටුවට කරුණු වසං කළාට අර්ජුන්ට එරෙහිව නඩු දාන්න පුළුවන්

  👤  1836 readers have read this article !
Published by : MB WEB 2017-09-23 09:44:33

අනුරාධා හේරත්

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් කෝප් කමිටුවට අසත්‍ය තොරතුරු ලබා දුන්නේ නම් තොරතුරු වසන් කිරීමේ වරදට ඔහුට එරෙහිව නඩු පැවැරිය හැකි බව කෝප් කමිටු සභාපති, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසයි.

සභාපතිවරයා පවසන්නේ කෝප් කමිටුවට පුද්ගලයන් කැඳවන්නේ දිවුරුමක් මත බැවින් අර්ජුන් ඇලෝසියස් අසත්‍ය තොරතුරු ලබා දුන්නා නම් එය බරපතළ කාරණයක් බවත් ඒ පිළිබඳ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කොට නඩු පැවැරීමේ බලය පවතින බවත්ය.

පාර්ලිමේන්තුවට අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම ජනතා පරමාධිපත්‍යයට එරෙහි බරපතළ කරුණක් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව නිරන්තරයෙන් පාර්ලිමේන්තුවට වගකියන ආයතනයක් වීමද මෙහිදී වඩාත් සැලකිල්ලට ලක්වන බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කැඳවූ අදාළ නිලධාරීන් ලබාදුන් කරුණු හා අනෙකුත් සාක්ෂි පිළිබඳ සාකච්ඡා කොට නීතිපතිවරයාගේ උපදේශ මත නඩු මඟට අවතීර්ණ විය හැකි යැයි ඔහු සඳහන් කෙළේය.

අර්ජුන් ඇලෝසියස් සිය සාක්ෂි ලබා දී තිබෙන්නේ කෝප් කමිටුවේ සභාපති ලෙස ඩිව් ගුණසේකර මහතා කටයුතු කළ කාලයේදීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon