දෙසැම්බර් 31ට කලින් නම් ලැයිස්තු දෙන්න

  👤  1689 readers have read this article !
Published by : MB WEB 2017-09-23 11:34:00

උපතිස්ස පෙරේරා

එළැඹෙන පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ සඳහා එජාපයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ නාම ලේඛන ලබන දෙසැම්බර් මස 31 දිනට පෙර සකස් කර අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප නාම යෝජනා තේරීම් මණ්ඩලයට උපදෙස් දී තිබේ.

ඒ ඒ මැතිවරණ සඳහා එජාපයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂක අපේක්ෂිකාවන් තෝරා ගැනීම පිණිස සම්මුඛ පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇතැයි සිරිකොත ප්‍රකාශකයෙක් සඳහන් කෙළේය.

මේ අපේක්ෂක අපේක්ෂිකාවන් තෝරා ගැනීමේදී අනුගමනය කළයුතු නිර්ණායකයන් ඇතුළත් ලේඛනයක් පක්ෂ මූලස්ථානය විසින් තේරීම් මණ්ඩල සාමාජිකයන් හා ආසන සංවිධායකයන් වෙත නිකුත් කර තිබේ.

උගත්, බුද්ධිමත්, චෝදනාවලට ලක් නොවූ ප්‍රදේශයේ පදිංචි සමිති සමාගම් ඇතුළු සමාජ සේවාවල නියුතු, ඡන්දදායක විශ්වාසය හා ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයේ ආගමික නායකයන්ගේ නිර්දේශ ඇති අපේක්ෂක අපේක්ෂිකාවන්ට සම්මුඛ පරීක්ෂණවලදී ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස එම නිර්ණායකයන් මඟින් උපදෙස් දී තිබේ.

එසේම අපේක්ෂක ලැයිස්තුවල සියයට 30ක කාන්තා පදනම හා තරුණ ප්‍රජාවට ප්‍රමුඛත්වය ලබාදීම යන කරුණු පිළිබඳව අවධානය යොමු කරන ලෙසද සඳහන් කර ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon