නිරිතදිග වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක්

  👤  1420 readers have read this article !
Published by : MB WEB 2017-09-24 12:15:45

සැප්තැම්බර් 25 සහ 26 දින වලදී දිවයිනේ නිරිත දිගකොටසේ වැසි තත්වයේ සුළු වැඩිවීමක් ඇතිවේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අපේක්ෂා කරයි.

ඉදිරිදින කිහිපයේදී දිවයින හරහා සහ දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තරමක තදසුළං බලාපොරොත්තුවන අතර අද දිනයේදී මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් පොතුවිල් ප්‍රදේශයේත් විටින් විට හමන තරමක් තද සුළං අපේක්ෂා කලහැක.

සබරගමුව සහ මධ්‍යම පළාත් වලත්, කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සිහින් වැසිඇතිවේ.

බදුල්ල, මඩකලපුව,පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon