වතුකරයේ තරුණයන් සවිබල ගන්වන්න ඉන්දීය රජයෙන් රු. මිලියන 199ක්

  👤  1776 readers have read this article !
Published by : MB WEB 2017-09-25 11:44:59

උදයන්ති මුණසිංහ

වතුකරයේ තරුණයන් සවිබල ගැන්වීම සඳහා ඉන්දීය රජයේ ආධාර ලෙස රුපියල් මිලියන එකසිය අනූනවයක් (199)ක් ප්‍රදානය කෙරුණු බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් සඳහන් කරයි.

පලනි දිගම්බරම් අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි මේ ආධාර මුදල හිමිවූ බවත්, සිය අමාත්‍යාංශය යටතේ හැටන් හි පිහිටා ඇති ඊඍඊඛ් ආයතනය සඳහා මේ ආධාර මුදල ප්‍රදානය කිරීමට අදාළ ගිවිසුම පසුගියදා (20දා) මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී සිදුකෙරුණු බවත් අමාත්‍යවරයා පැවැසුවේය.

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රංජනී නඩරාජපිල්ලෙයි සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං චන්ද්‍ර අතර මේ ගිවිසුම අස්සන් කෙරිණි.

ඊඍඊඛ් ආයතනය මඟින් වතුකරයේ තරුණයන්ගේ වෘත්තීය අධ්‍යාපනය නැංවීම සඳහා පාඨමාලා රැසක් පවත්වන බවත්, එම පාඨමාලා ගුණාත්මක අයුරින් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හා මානව සම්පත් දියුණු කිරීම සඳහා මේ ආධාර මුදල හිමිවූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon