පළාත් ඡන්දයට නසීර් හා පේෂල තරග කරනවාලු

  👤  1942 readers have read this article !
Published by : MB WEB 2017-09-25 15:00:12

ලක්‍ෂ්මී ජයකොඩි

ඉදිරි පළාත් සභා මැතිවරණ සඳහා යළිත් තරග කරන බව නැඟෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහමඩ් හා උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න යන මහත්වරු පවසති.

සබරගමුව පළාතේ මහ ඇමැති මහීපාල හේරත් මහතා පැවැසුවේ මැතිවරණය සඳහා දින නියම වූ පසු ඒ පිළිබඳ තීරණය කරන බවයි.
කෙසේ වෙතත් ඉදිරි පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ඉතා යහපත් බවත් එය ජනතාවගේ දිර්ඝ කාලීන ඉල්ලීමක් බවත් පේෂල ජයරත්න මහතා පැවැසීය.

අමාත්‍යවරයා සඳහන් කෙළේ ජනතාව රටට සමාජයට සේවයක් කරනු ලබන නියෝජිතයන් තෝරා ගැනීමට බුද්ධිමත් විය යුතු බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon