රටින් ගෙන්වන ලොකු ලූනුවලට 100% බද්දක්

  👤  1731 readers have read this article !
Published by : MB WEB 2017-09-26 12:39:08

ආනයනික රට ලූනු සඳහා සියයට සියයක බදු මුදලක් පැනවීමට ජනාධිපති මෛත්‍රිපාල...සිරිසේන මහතා මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් දී තිබේ.

සිය අස්වැන්න අලෙවි කර ගැනිමේදී දේශීය රට ලූනු ගොවීන් මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ආනයනික රට ලූනු සඳහා අය කෙරෙන බද්ද ඉදිරියේදී සියයට සියයක් දක්වා ඉහළ නැංවෙනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon