සබරගමුව පළාත් සභාවේ නිල කාලය අවසන්

  👤  2068 readers have read this article !
Published by : MB WEB 2017-09-27 10:07:32

සබරගමුව පළාත් සභාවේ නිල කාලය ඊයේ (26දා) මධ්‍යම රාත්‍රි 12ට අවසන් විය.ඒ අනුව මහ ඇමැතිවරයා ප්‍රමුඛ සියලුම අමාත්‍යාංශවල බලතලද පළාත් සභා නියෝජිතයන්ගේ ධුර කාලයද අවසන් විය.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභාවේ සියලු බලතල ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා වෙතට පැවරේ. මහ ඇමැති ධුරය ඇතුළු ඇමැතිවරුන් හා මන්ත්‍රිවරුන්ගේ ධුර කාලය එසේ අවසන් වුවද 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සභාපතිවරයා ඉවත් නොකෙරේ. ඔහුගේ බලතල අභිනවයෙන් පිහිටුවනු ලබන පළාත් සභාවේ සභාපතිවරයා පත් වන තුරු බල පැවැත්වේ.

වත්මන් සබරගමුව පළාත් සභාවේ සභාපති ධුරය දරන කංචන ජයරත්න මහතාගේ වරප්‍රසාද නැවත සභාපතිවරයකු පත් කරන තුරු බල පැවැත්වෙනු ඇත.
ඇමැතිවරුන් හා මන්ත්‍රිවරුන් භාවිත කළ වාහන, නිල නිවාස ඇතුළු සියලු වරප්‍රසාද නැවත පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා යටතට පත් වීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon