SMART ජනේලය

  👤  2122 readers have read this article !
Published by : MB WEB 2017-09-27 15:02:52

දැන් ලොව එන්න එන්නම උපාංග SMART වෙමින් පවතින්නේ, වතුර බෝතල් නැත්නම් දත් බුරුසු වැනි ලෞකික වස්තූන් පවා SMART උපාංග බවට පරිවර්තනය වීමත් සමඟයි.

එම නිසා මානවයාට අත ගැටෙන ඕනෑම ප්‍රායෝගික උපාංගයක් ස්මාට් වීම තවදුරටත් විස්මයක් නොවනු ඇති.

ග්‍රීස්ම සෘතුවේ හිරු රශ්මිය තදින් වැටෙනවිට අඳුරු විය හැකි ජනෙල්වලට, නිවෙස්වල සිසිලස ඇති කිරීමට වැයවෙන පිරිවැය අඩු කිරීමට හැකියාවන් ලැබෙනවා. මෙතෙක් ප්‍රායෝගිකව ඔබ කළේ පැලැල්ලක් යොදා අව් රස්නය අඩු වැඩි වෙනවිට එය හැකිළීම හෝ දිගහැරීමයි.

Internet Connection එකක් සහ Intaligent Schedule එකක් හරහා මෙම Smart Window වලින් ඔබට ඒ කර්තව්‍යය ඉබේ කරගත හැකියි. එම නිසා එය මතක තබාගෙන On/ Off කිරීමේ අවශ්‍යතාවක් ඔබට පැනනැඟෙන්නේ නැහැ.

මෙම Electrochromic ජනෙල් ඔබ BOEING 787 Dremliner නම් මගී ගුවන් යානයේ ගමන් කර ඇත්නම් අත්විඳ ඇති. Button එකක් එබීමෙන් ඔබේ කවුළුව අඳුරු කරගැනීමේ හැකියාව ඒවාට ඇති නමුත් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ (එක දිගට දශක 4ක් ලොව හොඳම සරසවි 5 අතරට නොකඩවා එක්වුණු) පර්යේෂකයන් පිරිසක් මෙය ඉබේ, වඩාත් කාර්යක්ෂම ලෙස කළ හැකි ක්‍රමවේදයක් සොයාගෙන තිබෙනවා.

එයට අනුව මෙම Smart ජනෙල්වලට මිනිත්තු 3කදී අඳුරු පැහැයට හැරෙන්නට පුළුවන්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon