අද ශ්‍රී ලංකා - පාකිස්තාන් ටෙස්ට් තරගයෙන් නව ක්‍රිකට් නීති කරළියට

  👤  2292 readers have read this article !
Published by : MB WEB 2017-09-28 10:38:42

අද ආරම්භ වන ශ්‍රී ලංකා - පාකිස්තාන සහ බංග්ලාදේශ - දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියන්ගේ සිට අයි. සී. සී.ය විසින් ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින් හඳුන්වා දෙනු ලැබූ නව නීති ක්‍රියාත්මක කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

එම නව නීතිවලට අනුව ටෙස්ට් තරගයක සංචිතයක් සඳහා මෙතෙක් නම්කර හැකිව තිබූ අතිරේක ක්‍රීඩකයන් ගණන 4 සිට 6 දක්වා වැඩි කර තිබෙන අතර ටෙස්ට් තරගයක කඩුල්ලක් දැවී ගිය පසුව මේ දක්වා ලබා දුන් විනාඩි 2ක කෙටි විවේකය විනාඩි 3ක් දක්වා වැඩි කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම පිතිකරුවන් භාවිත කරන ක්‍රිකට් පිත්ත සඳහාද නව නීති හඳුන්වා දී ඇත. ඒ අනුව ක්‍රිකට් පිත්තේ දාරයේ ගනකම මිලිමීටර් 40ක් විය යුතු අතර පිත්තේ යට කොටසෙහි ගැඹුර මිලිමීටර් 67ක් විය යුතු බව අයි.සී.සී.ය තීරණය කර ඇත.

ටෙස්ට් හා එක්දින තරගවලදී මෙන් විනිසුරු තීරණ යළි විමසීමේ අවස්ථාව විස්සයි - 20 තරග සඳහාද හඳුන්වා දීමට නව නීති යටතේ කටයුතු යොදා තිබෙන අතර මෙතෙක් පැවැති නීතියට අනුව ටෙස්ට් තරගයකදී පන්දුවාර 80කින් පසුව එවන් අවස්ථා 2ක් ලැබුණද නව නීති අනුව ටෙස්ට් ඉනිමක් සඳහාම ලැබෙන්නේ අවස්ථා 2ක් පමණි.
කිසියම් ක්‍රීඩකයකු තරගයක් අතරතුර බරපතළ ගණයේ ලා සැලකෙන විෂමාචාර ක්‍රියාවක් සිදුකළ හොත් එම ක්‍රීඩකයා පිටියෙන් ඉවත් කිරීමේ බලය නව නීති යටතේ විනිසුරුවරයාට ලබාදී තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon