ඔක්: 30, 31 හා නොවැ: 1දා ව්‍යවස්ථාදායක සභාව කැඳවනවා

  👤  1780 readers have read this article !
Published by : MB WEB 2017-09-28 13:40:31

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට අදාළ ඉදිරි වැඩ කටයුතු සඳහා ඔක්තෝබර් 30, 31 සහ නොවැම්බර් මස 1 යන දිනයන්හිදී ව්‍යවස්ථාදායක සභාව කැඳවා තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රටේ ප්‍රධාන පක්ෂ දෙක එකඟතාවකට පැමිණේ නම් ඒ පිළිබඳව සලකා බලා එකඟතාවකට පැමිණීමට තම පක්ෂයද සූදානම් බව මේ වනවිට ද්‍රවිඩ ජාතික සන්ධානය සඳහන් කර තිබෙනවා යැයි පවසන අග්‍රාමාත්‍යවරයා රටේ අවශ්‍යතාව වෙනුවෙන් ඔවුන්ගේ නම්‍යශීලීභාවය අගය කළ යුතු බව පෙන්වා දෙයි.

ඒ අනුව ද්‍රවිඩ ජාතික සන්ධානය කළ එම ප්‍රකාශය කෙරේ අවධානය යොමු කරමින් එ.ජා. පක්ෂයටත් ශ්‍රී ල.නි.පක්ෂයටත් සහ අනෙකුත් සෙසු පක්ෂවලටත් එක ස්ථාවරයකට පැමිණීමට කාලය උදා වී තිබෙන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon