ඔෟෂධ මිලට ගැනීමේ වගකීම ඔෟෂධ නීතිගත සංස්ථාවට

  👤  1675 readers have read this article !
Published by : MB WEB 2017-09-28 14:19:17

දයා පෙරේරා

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවට අවශ්‍ය සියලු ඔෟෂධ දේශීයව මිලදී ගැනීමේ වගකීම රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාවට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.

වෙළෙඳපොළේ ඔෟෂධ මිල පාලනය කිරීමට මේ සංස්ථාවට හැකියාව ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න කියයි.

රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාව උසස් දියුණුවක් ලබා ඇති බවත් 2015 වසරේ රුපියල් බිලියන 24ක පිරිවැටුමක් ලද හෙයින් 2016දී බිලියන 32 දක්වා වර්ධනය කර ගැනීමට සමත්වූ බවත් 2015දී රුපියල් කෝටි 123ක ලාභයක් ලද බවත් පැවැසූ ඇමැතිවරයා 2016දී ලාභය කෝටි 186.7ක් දක්වා වර්ධනය කර ගෙන ඇතැයිද පැවැසීය.

වෙළෙඳ ආර්ථිකයක් සමඟ සංස්ථාව දියුණු කරන බවද ශ්‍රී ලංකාවේ ඇති ශක්තිමත්ම ඔෟෂධ සමාගම මේ සංස්ථාව බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

2019 වසරේ මැද භාගය වන විට මෙරටට අවශ්‍ය ඔෟෂධවලින් සියයට 85ක් මෙරටදීම නිපදවන බවත් 2020දී අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම මෙහි නිපදවීමට අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon