ඇමැතිවරුන්ට ජනපතිගෙන් විශේෂ නියෝගයක්

  👤  1972 readers have read this article !
Published by : MB WEB 2017-09-29 09:36:25

ලබන ජනවාරි මස සිට සියලු ඇමැතිවරුන් සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් සඳහා සහභාගි විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

තම අමාත්‍යාංශ මඟින් අදාළ දිස්ත්‍රික්කය තුළ කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳව ප්‍රාදේශීය දේශපාලන නායකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් එහිදී දැනුවත් කළ යුතු බවද ජනාධිපතිවරයා කියයි.

මෙවර ජාතික ආර්ථික සභාව සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයත්, ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශයත් කැඳවා තිබූ අතර එම අමාත්‍යාංශවල මෙතෙක් ක්‍රියාකාරිත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ඊයේ දෙවැනි දිනටත් පැවැති ආර්ථික සභාවේදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සතු බලතල ශක්තිමත් කිරීම සහ පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කර එය වඩා කාර්යක්ෂම සහ ශක්තිමත්ව ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව පිළිබඳවද ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළ අතර 2018 අය - වැය සකස් කිරීමට අදාළව සිදු කෙරෙන කටයුතු සහ ඒ පිළිබඳ සිදුවිය යුතු සංශෝධන පිළිබඳවද සාකච්ඡාවට ගැනිණි.

මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, රිෂාඩ් බදුර්දීන් යන අමාත්‍යවරුන්, ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ මහ බැංකු අධිපතිවරයාද එක්ව සිටියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon