මරණ දඬුවම 1,173ට නඟී

  👤  1862 readers have read this article !
Published by : MB WEB 2017-09-29 11:57:35

කුමුදු උපුල් ශාන්ත

යාපනය සිවලෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ පුද්ගලයන් හත්දෙනාද ඇතුළුව මේ වන විට පුද්ගලයන් 1,173 දෙනකු මරණ දණ්ඩනයට නියමව බන්ධනාගාර තුළ රඳවා තිබෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එම පිරිසෙන් 840 දෙනකු අභියාචනා ඉදිරිපත් කර ඇති බවද ඒ අතර කාන්තාවන් කීපදෙනකු සිටින බවද එම දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් මරණ දණ්ඩනයට ලක්ව ඇත්තේ මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීමේ චෝදනා යටතේ බව අනාවරණය වෙයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා කියා සිටියේ එම දඬුවමට ලක්වූ වැඩි පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තිබෙන බවත් සෙසු පුද්ගලයන් මහර, බෝගම්බර, කුරුවිට ඇතුළු බන්ධනාගාර කීපයක රඳවා ඇති බවත්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon