බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අනාගතය අවදානම්: හිටපු සභාපතිලා, ලේකම්ලා මැසිවිලි නඟති
විචිත්‍ර වීරසිංහ
මෙම වසරේ මාර්තු 24වැනිදා සිට අවස්ථා 4කදී පැවැත්වීමට නොහැකිව තිබූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් නිලවරණය පසුගිය 31වැනිදා පැවැති නමුත් එදිනද උසාවි නියෝගයක් හේතුවෙන් අතරමඟ නවතා දැමීමට සිදු විය.
මුලදී නාමයෝජනා ප්‍රතික්ෂේප වී පසුව නිලවරණය සඳහා නාමයෝජනා හිමිවූ කිහිප දෙනකු එම නිලවරණයට ඉදිරිපත්වීම හේතුවෙන් හා සංගමයේ හිටපු නිලධාරීන් කිහිප දෙනකුට එම නිලවරණයේ නාමයෝජනා හිමිනොවීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමක් ලෙස ක්‍රීඩා සමාජ කිහිපයක් එකතු වී මෙම උසාවි නියෝගය ලබාගෙන තිබිණි.
කෙසේ වෙතත් එම උසාවි නියෝගය ලබාගැනීමට පාදක වූ කරුණු හා වත්මන් බැඩ්මින්ටන් බලධාරීහු යන ගමන්මඟ පිළිබඳව හිටපු බැඩ්මින්ටන් සභාපතිවරයකු වූ පරාක්‍රම බස්නායක, මෙවර නිලවරණයේදී සභාපති තනතුරට තරග වැදුණු රීෂා ජුමාර්, බැඩ්මින්ටන් සංගමයේ හිටපු ලේකම්වරයකු වන ක්‍රිස්ටෝ ගෝනවල හා හිටපු උප සභාපතිවරයකු මෙන්ම දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමයේ සභාපති හැලඹගේ වසන්ත කුමාර, දකුණු පළාත් බැඩමින්ටන් සංගමයේ ලේකම් බුද්ධික ද සිල්වා යන මහත්වරුද, හිටපු උප සභාපතිවරියක වන ලක්ෂ්මී පුංචිහේවා යන මහත්මියද සහභාගි වූ මාධ්‍ය හමුවකදී ඊයේ කරුණු පැහැදිලි කළහ.
එහිදී අදහස් දැක්වූ පරාක්‍රම බස්නායක මහතා පැවැසුවේ ලැබී ඇති වරප්‍රසාද ප්‍රයෝජනයට ගෙන බැඩ්මින්ටන් සංගමයේ ඉදිරි කටයුතු පාලනය කරනු ලබන පුද්ගලයන් ලැබී ඇති බලතල අයුතු විදියට පරිහරණය කරගනිමින් පිනුම් ගසන බවය.
"බැඩ්මින්ටන් සංගමය පත්වෙලා ඉන්න මේ තුන්දෙනා කවුරු පත්කළාද, කොහොම පත්වුණාද කියලා අපි දන්නේ නැහැ. ඒ අය නම් කියන්නේ ඒ අය පත්කළේ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා කියලයි. කොහොම වුණත් බැඩ්මින්ටන් ක්‍රීඩාවට කවදත් ආදරය කරපු අපට මේ බලයේ ඉන්න අය කරන දේවල් බලා ඉන්න බැරි නිසයි අපි මේ වගේ මාධ්‍ය හමුවක් කැඳවූයේ" යැයි පැවැසූ බස්නායක මහතා එම කරුණු එකින් එක හෙළිදරව් කළේය.
"දැන් බලන්න මේ ළඟකදී ඉන්දියාවේ තිබුණු ලෝක ප්රවීණයන්ගේ බැඩ්මින්ටන් ශුරතාවලියේදී ලංකාවේ ධජය යටතේ ක්‍රීඩකයන් දෙදෙනකු සහභාගි වුණා. ඒ අය කොහොමද එහෙම ලංකාවේ ධජය යටතේ සහභාගි වුණේ. කවුද මේ අයට අනුමැතිය ලබා දුන්නේ ලංකාවේ ධජය යටතේ තරග කරන්න. මෙහි සම්පූර්ණ වගකීම ගන්න ඕන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයයි. සංගමය ඔවුන්ට අනුමැතිය ලබා දුන් නිසයි ඔවුන් ලංකාවේ ධජය පාවිච්චියට ගත්තේ. ඒ වගේම ඔවුන් යොනෙක්ස් ඇඳුම් පැලඳුම් පාවිච්චි කළේ කොහොමද? යොනෙක්ස් ඇඳුම් පැලඳුම් හා ක්‍රීඩා උපකරණ ලබාදෙන්නේ ශ්‍රී ලංකා ජේයෂ්ඨ හා කනිෂ්ඨ ක්‍රීඩකයන්ට පමණක් කියලයි ඔවුන් (යොනෙක්ස්) හා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් අතර ගිවිසුමෙහි සඳහන්ව තියෙන්නේ. ඒත් මෙහෙම ගිවිසුම කඩ කළොත් ඔවුන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සමඟ තියෙන මේ ගිවිසුමෙන් ඉවත්ව යාවි" යැයි සඳහන් කළ බස්නායක මහතා මේ වසරේ නිලවරණයක් පැවැත්වීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය නැවත වරක් තහනමකට ලක්වීමේ වැඩි ඉඩක් පවතින බවත් මේ සියලු කරුණු කාරණා පිළිබඳව ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කිරීමට අදහස් කර ඇති බවත් සඳහන් කළේය. .
ඡායාරූපය _ මංජුල දයාවංශ
අද මව්බිමෙන්
- ලංකාව අවට මළ මුහුදක් කලාපයටම භයානක අනතුරක් 🕔2019-02-24
- එජාපයට විරුද්ධව වැඩ කළ කණ්ඩායමක් ඇතුළෙ ඉඳන්ම කකුලෙන් ඇද්දා - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන 🕔2019-02-24
- සේනාවාටත් වඩා දරුණු කීඩෑවෙක් රජරටට රිංගයි 🕔2019-02-24
- රනිල් දැන් හොඳටම හිරවෙලා 🕔2019-02-24
- ඉංජිනේරු රේගු ලොක්කා බීඩි කොළ කන්ටේනරය වරායෙන් පැන්නූ හැටි 🕔2019-02-24
- යුද බිමේ විකුම් පා ජීවිතයෙන් සමුගෙන ගිය රණවිරුවකුගේ නොමියෙන මතක 🕔2019-02-24
- හබරකඩ මහ ප්‍රජා සත්කාරක වැඩසටහන 24 වැනි ඉරිදා 🕔2019-02-24
- භාෂා තුනෙන්ම උප්පැන්නෙ දෙන්න ඔක්කොම ලෑස්තියි 🕔2019-02-24
- මධුෂ්ගේ බිරිය ගයානි මුතුමාලි සියලු රහස් හෙළි කරයි 🕔2019-02-24
- ව්‍යවස්ථාදායක සභාව පෞද්ගලික සමාගමක්ද? 🕔2019-02-24
- පොර වන්ෂොට් දියර ගහලා.. 🕔2019-02-24
- බෞද්ධ පුනරුදයේ පියා ඕල්කට්තුමාද ගුණානන්ද හිමිද කථිකාව අද 🕔2019-02-24
- ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම 🕔2019-02-24
- ශ්‍රී මත් ලලිත රාජපක්ෂ ගම ජනතා අයිතියට 🕔2019-02-24
- අධිකරණයේ සහ විනිසුරුවන්ගේ ගෞරවය ගැන අපි ඉතා සැලකිලිමත් 🕔2019-02-24
- සිය ගණනක් පණපිටින් පිලිස්සුණු බංග්ලාදේශයේ බිහිසුණු ගින්න 🕔2019-02-24
- රන්ජන්ගේ හෙළිදරව්ව සැහැල්ලුවෙන් ගත නොහැකියි 🕔2019-02-24
- රත්ගම ව්‍යාපාරිකයන් පහරදී මරා දැමූ හැටි එස්.අයි. වමාරයි 🕔2019-02-24
- මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකට! 🕔2019-02-24
- ව්‍යාපාරිකයන් දෙදෙනා මරා පුලුස්සලා 🕔2019-02-24