ජිනීවාවලදී සරත් වීරසේකර පිළිතුරු දෙයි

  👤  1671 readers have read this article !
Published by : MB WEB 2017-09-30 10:01:40

සපුමල් ජයසේන

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මේ වන විට පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසියේදී ලංකාවට යුද අපරාධ එල්ල කරන පාර්ශ්වයන්ට සාර්ථක පිළිතුරක් ලබාදීමට හැකිවූ බව ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ නියෝජිත රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ජිනීවා නුවර සිට පෙරේදා (29දා) "මව්බිම"ට පැවැසීය.

යුද සමයේදී ඇතැම් උසස් හමුදා නිලධාරීන් විසින් යුද අපරාධ සිදුකරන ලද බවට එවකට සිටි හමුදාපති සරත් ෆොන්සේකා මහතා මෑතකදී සිදු කරන ලද ප්‍රකාශයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් විශේෂ අවධානයක් යොමු කොට ඇතැයි වීරසේකර මහතා කියා සිටියි.

යුද ජයග්‍රහණය අත්පත් කරගත් වකවානුවේ බලයේ සිටි දේශපාලන පක්ෂයට ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂයක සාමාජිකත්වය දරමින් දේශපාලනයට පිවිස සිටින සරත් ෆොන්සේකා මහතා විසින් හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් යුද අපරාධ සිදුකළ බවට චෝදනා නඟන්නේ දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ චේතනාවෙන් බව වීරසේකර මහතා එම සැසියේදී පෙන්වා දී තිබේ.

රියර් අද්මිරාල් සරත් වීරසේකර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මීන් ශ්‍රී ලාංකික ගෝලීය සංසදය නියෝජනය කරමින් ජගත් මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දක්වා ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon