ඩොල්ෆින් මසුන් හසුවීම නොවැළැක්වූවහොත් ඉදිරියේ දී අවදානමක්
දැනට ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය සම්පත නෙලා ගැනීම සඳහා බහුදින ධීවර යාත්‍රා විසින් භාවිතා කරන මරුවැල් හෙවත් Long Line නැමැති ධීවර පන්න ක්‍රමයට ඩොල්ෆින් මසුන් හසුවීම වැළැක්වීමට මෙරට ධීවර ප්‍රජාව විසින් පියවර නොගතහොත් ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන මසුන් සඳහා එරට බලධාරින් විසින් තහනමක් පැනවීමේ අවදානමක් මතු වී තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
එබැවින් මේ සම්බන්ධයෙන් වහාම සියලු දෙනා අවධානය යොමු කර ඩොල්ෆින් මසුන් ආරක්ෂා කර ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරින්හට පසුගියදා දැනුම් දුන්නේය.
ධීවර අමාත්‍යංශයේදී පැවති උපදේශක සභාව අමතමින් ඇමතිවරයා කියා සිටියේ මරුවැල්වල යොදා තිබෙන ඇම ආහාරයට ගැනීම සඳහා පැමිණෙන ඩොල්ෆින් මසුන් එම බිලී කොකුවලට හසුව මිය යන බවයි. එම නිසා මරුවැල් පන්න ක්‍රමයේදි යොදා ගන්නා ඇමට ඩොල්ෆින් මසුන් ආකර්ශණය වීම වැළැක්විමේ නව උපාංගයක් මේ වන විට ජාත්‍යන්තර ධීවර කර්මාන්තයේදී භාවිතා කෙරෙන අතර එම උපාංගය වහාම මෙරටට ගෙන්වා ඒවා ධීවරයින් හට නොමිලේ ලබා දීමට ලබන වසරේදී පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා කීය.
මෙම උපාංගය බිලී කොකුවලට කොපුවක් (cliff) වශයෙන් යෙදිය හැකි අතර, එමඟින් ඩොල්ෆින් මසුන් ඇම ඩැහැගත්ත ද ඔවුන්ට හානියක් සිදු වන්නේ නැත.ජාත්‍යන්තර ධීවර නීතිය අනුව ඩොල්ෆින් මසුන් හෙවත් ධීවර ප්‍රජාව විසින් මුල්ලා මසුන් ලෙස හඳුන්වන එම මත්ස්‍ය විශේෂය ඇල්ලීම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත.
ශ්‍රී ලංකාවේ වාර්ෂික මත්ස්‍ය අපනයනය දෙස බැලිමේදී 2016 වසරේ ඇමරිකා එක්සත් ජනපදය විසින් අප රටේ සමස්ත මත්ස්‍ය අපනයනයෙන් සියයට 29ක් හෙවත් මෙට්‍රික් ටොන් 4088ක් මිලදි ගෙන ඇත.
ධීවර ප්‍රජාව විසින් ඩොල්ෆින් මසුන් හසුවිම වැළැක්වීමට අවශ්‍ය පියවර නොගතහොත් ශ්‍රි ලංකාවේ මත්ස්‍ය සම්පත සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ඇති වෙළඳපොල අපට අහිමි වීමට ඉඩ ඇති අතර එම නිසා මේ සම්බන්ධයෙන් ඉහත දැක් වු උපාංග මිලදී ගෙන බෙදා හරින ලෙස අමාත්‍යංශයේ ලේකම් මංගලිකා අධිකාරී මහත්මියට අමාත්‍යවරයා විසින් උපදෙස් දෙනු ලැබිය.
අද මව්බිමෙන්
- ලංකාව අවට මළ මුහුදක් කලාපයටම භයානක අනතුරක් 🕔2019-02-24
- එජාපයට විරුද්ධව වැඩ කළ කණ්ඩායමක් ඇතුළෙ ඉඳන්ම කකුලෙන් ඇද්දා - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන 🕔2019-02-24
- සේනාවාටත් වඩා දරුණු කීඩෑවෙක් රජරටට රිංගයි 🕔2019-02-24
- රනිල් දැන් හොඳටම හිරවෙලා 🕔2019-02-24
- ඉංජිනේරු රේගු ලොක්කා බීඩි කොළ කන්ටේනරය වරායෙන් පැන්නූ හැටි 🕔2019-02-24
- යුද බිමේ විකුම් පා ජීවිතයෙන් සමුගෙන ගිය රණවිරුවකුගේ නොමියෙන මතක 🕔2019-02-24
- හබරකඩ මහ ප්‍රජා සත්කාරක වැඩසටහන 24 වැනි ඉරිදා 🕔2019-02-24
- භාෂා තුනෙන්ම උප්පැන්නෙ දෙන්න ඔක්කොම ලෑස්තියි 🕔2019-02-24
- මධුෂ්ගේ බිරිය ගයානි මුතුමාලි සියලු රහස් හෙළි කරයි 🕔2019-02-24
- ව්‍යවස්ථාදායක සභාව පෞද්ගලික සමාගමක්ද? 🕔2019-02-24
- පොර වන්ෂොට් දියර ගහලා.. 🕔2019-02-24
- බෞද්ධ පුනරුදයේ පියා ඕල්කට්තුමාද ගුණානන්ද හිමිද කථිකාව අද 🕔2019-02-24
- ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම 🕔2019-02-24
- ශ්‍රී මත් ලලිත රාජපක්ෂ ගම ජනතා අයිතියට 🕔2019-02-24
- අධිකරණයේ සහ විනිසුරුවන්ගේ ගෞරවය ගැන අපි ඉතා සැලකිලිමත් 🕔2019-02-24
- සිය ගණනක් පණපිටින් පිලිස්සුණු බංග්ලාදේශයේ බිහිසුණු ගින්න 🕔2019-02-24
- රන්ජන්ගේ හෙළිදරව්ව සැහැල්ලුවෙන් ගත නොහැකියි 🕔2019-02-24
- රත්ගම ව්‍යාපාරිකයන් පහරදී මරා දැමූ හැටි එස්.අයි. වමාරයි 🕔2019-02-24
- මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකට! 🕔2019-02-24
- ව්‍යාපාරිකයන් දෙදෙනා මරා පුලුස්සලා 🕔2019-02-24