ලෝක ළමා දිනය සමරද්දී වසර 12ක දරුවාට පහරදී අත පය කඩලා

  👤  2260 readers have read this article !
Published by : MB WEB 2017-10-02 09:30:32

හන්තාන - චමින්ද කුමාර

දෙල්තොට මැදකැකිල ග්‍රාම නිලධාරි කාර්යාලය පිටුපස පිහිටි නිවෙසක වයස අවුරුදු 12ක පිරිමි ළමයකුට විසිකැත්තෙන් හා පොලුවලින් පහරදී අතපය කඩා බිඳ දමා නිවෙසේ මුල්ලක දමා තිබියදී ගලහ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (1දා) සවස සොයා ගෙන ඇත.
ලෝක ළමා දිනයදා මෙසේ වද හිංසා පමුණුවා ඇත්තේ ඔහුගේ අයියලා දෙන්නා සහ එක් අයියා කෙනකුගේ බිරිය විසිනි. පොලිසියට ලැබුණු තොරතුරක් මත එහි ගිය නිලධාරීන් සිද්ධියට සම්බන්ධ අයියා සහ අයියාගේ බිරිය අත්අඩංගුවට ගෙන ඇත.

කුඩා ළමයකු බෙරිහන්දී අඬන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත එහි ගිය පොලිස් නිලධාරීන්ට ඇවිදීමට නොහැකි ලෙස දැව කඳන් කකුල් මත පටවා අත් පා කඩා දමා නැඟිටීමට පවා වාරුවක් නැතිව ඇඟ පුරාම තුවාල සහිතව සිටිනු දැකගැනීමට හැකිව තිබේ.

මේ පිරිමි දරුවාගේ පියා මියගොස් ඇති අතර මවද විදේශගතවී ඇත.

ගම්පොළ දිස්ත්‍රික් 2 භාර සහකාර පොලිස් අධිකාරි චන්ද්‍රසිරි, ගම්පොළ කොට්ඨාස වැඩබලන සහකාර පොලිස් අධිකාරි ඥානසේන මහතාගේ උපදෙස් පරිදි ගලහ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කලුආරච්චි මහතාගේ අධීක්ෂණය මත කාන්තා පොලිස් පරීක්ෂක රණසිංහ, කාන්තා පොලිස් කොස්තාපල් අජන්තා (3663), පොලිස් කොස්තාපල් රියැදුරු සම්පත් යන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සහ පරීක්ෂණ මෙහෙයවීම සිදුකරනු ලබයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon