‘මහවැලි සතියේදී’ අධිකාරියට අයත් සියලු ජලාශ නැරඹීමට පාසල් සිසුන්ට අවස්ථාව

  👤  1960 readers have read this article !
Published by : MB WEB 2017-10-02 12:43:00

අනුරාධා හේරත්

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයට සමගාමීව ක්‍රියාත්මක වන 'මහවැලි සතිය' ලබන ඔක්තෝබර් 05-12 දක්වා පැවැත්වේ.
මේ වැඩසටහනට සමගාමීව විශේෂ වැඩසටහනක් ලෙස පාසල් සිසුන්ට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සියලු ජලාශ නැරඹීමට අදාළ දිනයන්හි අවස්ථාව සලසා ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.

ඒ අනුව මොරගහකන්ද, කොත්මලේ, පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙනිගල, උල්හිටිය, රත්කිඳ, මාදුරුඔය, බෝවතැන්ත, උඩවලව/චන්ද්‍රිකා ජලාශ නැරඹීමට අවස්ථා ලැබෙන අතර වැඩි විස්තර 081-2374225/081-2374383 යන දුරකතන අංක හරහා ලබාගත හැකිය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, කෘෂිකර්ම ක්ෂේත්‍රය හා ඊට අනුබද්ධ සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ඇතුළු පෞද්ගලික අංශයේ දායකත්වය හරහා 'මහවැලි සතිය' ක්‍රියාත්මක වනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon