මැතිව්ස්ට 2 වැනි තරගයත් අහිමි වෙයිද?

  👤  2319 readers have read this article !
Published by : MB WEB 2017-10-02 11:02:11

ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජිලෝ මැතිව්ස් හට මෙම මස 6 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු දිවා-රාත්‍රි ටෙස්ට් තරගය අහිමි වනු ඇතැයි වාර්තා වනවා. ඔහුගේ පාදයේ ඇතිවී තිබෙන මස්පිඩු ආබාධයෙන් සුවය නොලැබීම එයට හේතුවයි. එම ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරගය ද ඔහුට අහිමි විය.

ඇන්ජිලෝ මැතිව්ස් ලබන සඳුදා තවත් යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටීමට නියමිත අතර එහිදී දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වීම පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇතැයිද පැවැසේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon