විද්‍යා ඝාතකයන්ට උදවු කළ අයට එරෙහිව පෝස්ටර්

  👤  1937 readers have read this article !
Published by : MB WEB 2017-10-02 13:24:24

ලක්ෂ්මී - ජයකොඩි

ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වැරැදිකරුවන්ට උදවු කළ පාර්ශ්වයන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා යාපනය දිස්ත්‍රික්කය පුරා (29දා) පෝස්ටර් අලවා තිබිණි.

රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේශ්වරන්ගේ හා වී. ආර්. තමිල්මාරන් යන අයගේ ඡායාරූපවලින් සමන්විත වූ එම පෝස්ටර්වල වැරැදිකරුවන්ට බේරීමට උදවු කළ අයද වැරැදිකරුවන් බවත් විද්‍යා සිසුවියට සම්පූර්ණ සාධාරණයක් ඉටු විය යුතු බවත් ලියා තිබිණි.

එම පෝස්ටර්වල වැඩිදුරටත් සඳහන්ව තිබුණේ ඒ හේතුවෙන් යාපනයේ හර්තාලයක් පවත්වන ලෙස හා යාපනය කාන්තා සංගම් විසින් එම පෝස්ටරය අලවන බවයි. ඉකුත්දා හර්තාලය පවත්වන ලෙසට ඉල්ලා තිබුණත් එවැන්නක් පැවැතියේ නැත.

ඊයේ යාපනය නගරයේ ජනතාවගේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණු අතර කඩ සාප්පු කිහිපයක් පමණක් වසා දමා තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon