අඩු මිලට පාට කරපු පොල් බෙදාහැරීම අරඹයි

  👤  2692 readers have read this article !
Published by : MB WEB 2017-10-02 15:28:58

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ උපදෙස් මත පොල් වගා කිරීමේ මණ්ඩලය මෙහෙයවන සහන මිලට පොල් බෙදාහැරීමේ දීප ව්‍යෘප්ත වැඩසටහනේ සමාරම්භය අද (02) පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අසලින් ආරම්භ විය.

ඒ අනුව රුපියල් 65ක් වැනි සහන මිලට පොල් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ. මෙම වැඩසටහන යටතේ සංචාරක ලොරි රථ මගින් කොළඹ හා තදාසන්න ස්ථාන 40ක පොල් වගාකිරීමේ මණ්ඩලයට අයත් ලොරි රථ හරහා පොල් අළෙවි කිරීම සිදු කෙරේ. එමෙන්ම හෙට (03) සිට සතොස අළෙවි සැල් හරහා ද ජනතාව වෙත රුපියල් 65ක මිලට පොල් ලබාදීම ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එමෙන් ම මෙහිදී එක් පුද්ගලයෙකු සඳහා උපරිම වශයෙන් පොල් ගෙඩි 10ක් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවන අතර වෙළෙඳසැල් හිමියන් වෙත පත්වීම වැළැක්වීම සඳහා වර්ණ ගැන්වීමක් ද සිදු කොට ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon