අක්මීමන දයාරතන හිමි 9දා තෙක් රිමාන්ඩ්

  👤  1685 readers have read this article !
Published by : MB WEB 2017-10-03 10:59:57

ගල්කිස්ස ප්‍රදේශයේදී මියන්මාර් සරණාගතයන්ට එරෙහිව සිදු කළ විරෝධතාවයේදී කලහකාරි ලෙස හැසීරීමේ සිද්ධියට අදාළව සිහළ රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි සහ තවත් පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ඊයේ (02දා) අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා අක්මීමන දයාරතන හිමියන්ට සහ අඹන්පොළ රතනසාර හිමියන්ට කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට දන්වා තිබේ.

එම කැඳවීමට අනුව අක්මීමන දයාරතන හිමියන් සහ නුගේගොඩ, ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි රවින්ද්‍ර වර්ණජිත් පෙරේරා යන අය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඊයේ පස්වරු 9.30ට පමණ පැමිණ තිබේ.

නමුත් අඹන්පොළ රතනසාර හිමියන් ප්‍රකාශ ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට නොපැමිණි බව පොලිසිය පවසයි.

අක්මීමන දයාරතන හිමියන්ගෙන් සහ අනෙක් තැනැත්තාගෙන් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පැය හතරක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් නිලධාරීන්ට පහරදීම, පොලිස් රාජකාරියට බාධා කිරීම, තර්ජනය කිරීම, අයුතු ජන රාශිය, දේපළවලට හානි සිදුකිරීම ආදී චෝදනා රැසක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවද උසස් පොලිස් නිලධාරියකු "මව්බිම" කළ විමසුමකදී පැවැසීය.

ඉකුත් සැප්තැම්බර් 26 වැනි දින සිදු වූ මෙම කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඒ වන විට සැකකරුවන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා ඇතුළු නිලධාරීන් විසින් මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
ඡායාරූප - සජීව චින්තක කහඳගමගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon