ළමා දිනය දා රග්බි පුහුණුවට ගිය සිසුවා මියයයි

  👤  1876 readers have read this article !
Published by : MB WEB 2017-10-03 11:25:14

මහනුවර ත්‍රිත්ව විදුහලේ 12 වසරේ අධ්‍යාපනය ලැබූ දාහත් හැවිරිදි සිසුවකු ලෝක ළමා දිනය දා (01දා) රග්බි තරග පුහුණුවකදී මරුමුවට පත්ව තිබේ.

භාතිය ඒකනායක නම් මේ සිසුවා රග්බි පුහුණුවක් සඳහා පල්ලේකැලේ ත්‍රිත්ව ක්‍රිඩාපිටියේ සිට පල්ලේකැලේ ඔරලෝසු කණුව දක්වා දිව ගොස් තිබේ. එසේ දිවයෑමේදී අධික වෙහෙසට පත්ව සිසුවා බිම ඇදවැටී ඇත. සිසුවා පෞද්ගලික වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වහා ඔහු මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ. මහනුවර ඔගස්ටා වත්තේ පදිංචිව සිටි මොහුගේ පියාද ත්‍රිත්ව විදුහලේ සේවය කරන අයෙකි. භාතිය සිසුවා එම පවුලේ වැඩිමහල් දරුවා වන අතර ඔහුට නැඟණියක්ද සිටී.

ඊයේ (02දා) සවස් වන විටත් සිසුවාගේ දේහය මහනුවර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon