කටලාන් ජනමත විචාරණය: ලක්ෂ සංඛ්‍යාත ජනතාව පෙළපාලියේ
ස්පාඤ්ඤයේ කටලාන් ප්‍රදේශයට නිදහස ඉල්ලා සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අඟහරුවාදා (ඔක්තෝබර් 03) දිනය පුරාම වීථි බැස උද්ඝෝෂණවල නිරතව සිටියහ.
කටලාන් පළාතට නිදහස ලබා දිය යුතු ද යන්න සම්බන්ධයෙන් පසුගිය ඉරිදා (ඔක්තෝබර් 01) පැවැත්වුණු ජනමත විචාරණයේ දී පොලිසියේ ප්රචණ්ඩ ක්‍රියාවලට එරෙහිවීම මෙම උද්ඝෝෂණයේ අරමුණය.
ජනමත විචාරණයේ ඡන්ද විමසීම වැළැක්වීමට පොලිසිය උත්සාහ කළ අවස්ථාවේ 900 කට ආසන්න පිරිසකට තුවාල සිදු විය. පොලිස් නිලධාරීන් 33 දෙනෙකු ද එහිදී තුවාල ලැබූහ.
අඟහරුවාදා උද්ඝෝෂණය හේතුවෙන් පළාතේ සියලුම පාසල්, කඩ සාප්පු සහ සෞඛ්‍ය මධ්‍යස්තාන වසා දමා තිබුණු අතර බාසෙලෝනා (Barcelona), ටරගෝනා (Tarragona) සහ ජිරෝනා (Girona) යන ප්‍රධාන නගර තුනේ පොදු ප්‍රවාහන සේවා ද සම්පූර්ණයෙන්ම අඩපන වී තිබිණ.
අධි වේගී මාර්ග ඔස්සේද උද්ඝෝෂකයන් විරෝධතාවල නිරතව සිටි හෙයින් ප්‍රධාන නගරවල සහ අධි වේගී මාර්ගවලද කිලෝමීටර ගණනාවක් දිගට වාහන තදබදයක් ද දක්නට ලැබිණ.
කළාපය තුළ පොලිසිය සීරුවෙන් තබන මෙන් අගමැති මරියානෝ රහෝයි (Mariano Rajoy) නියෝග කර තිබේ.
කළාපය තුළ කැරලිකාරී තත්වයකට අනුබල දෙන බවට මේ අතර අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යවරයා කටලාන් පළාතේ ප්‍රාදේශීය පරිපාලනයට චෝදනා කරයි.
ස්පාඤ්ඤ මධ්‍යම ආණ්ඩුව "හිරිහැර කිරීමේ සිදුවීම් නැවැත්වීම පිණිස සියලුම පියවර ගන්නා" බවට ද අමාත්‍යවරයා ප්‍රතිඥා දුන්නේය.
මේ අතර ප්‍රකාශයක් කරන නියෝජ්‍ය අගමැති සොරායා සඑන්ස් ද සන්තමරියා, ස්පාඤ්ඤ ඔලිස් නිලධාරීන් ලැගුම් ගෙන සිටින හෝටල් වට කළ උද්ඝෝෂකයන්ගේ "මාෆියා හැසිරීම" හෙළා දැක තිබේ.
ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහසක් රාජ්‍යයක් බවට පත්විය යුතුද, නැද්ද යන්න පිළිබඳ මහජන මතය පිරික්සීමේ ජනමත විචාරණය කැඳවා තිබුණේ කටලාන් ප්‍රාදේශීය පාර්ලිමේන්තුව විසිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් නීතියට පටහැණි යයි තීන්දු කරන ලද එම ජනමත විචාරණය නොපවත්වන මෙන් ස්පාඤ්ඤ ආණ්ඩුව නියෝග කර තිබුණි.
ලක්ෂ 22 කට අධික ජනකායක් ජනමත විචාරණය වෙනුවෙන් සිය ඡන්දය භාවිත කරන ලද බව සැලකෙන අතර, කටලාන් පලාතට නිදහස ලබාදීමට පක්ෂය ඒ අතරින් 90% ඡන්දය භාවිත කර තිබූ බව කටලාන් පාර්ලිමෙන්තුව පවසයි. කෙසේ නමුත් නිල ප්‍රතිඵල තවමත් නිකුත් වී නොමැත.
බාසෙලෝනා, ස්පාඤ්ඤයට අයත් ස්වයංපාලන බලතල සහිත භූමියක් වන කටලාන් පළාතේ අගනුවරය.
(BBC)
අද මව්බිමෙන්
- ජනාධිපති කොමිසම කබීර් හෂීම්ගෙන් පැය 04ක් කරුණු විමසයි 🕔2019-02-22
- නීති විරෝධී ක්‍රියාවල යෙදෙන ධීවරයන්ගේ බලපත්‍ර ජීවිත කාලයටම තහනම් 🕔2019-02-22
- ඥානසාර හිමි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්නැයි බොදුබල සේනා ඉල්ලයි 🕔2019-02-22
- ඥානසාර හිමි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්නැයි බොදුබල සේනා ඉල්ලයි 🕔2019-02-22
- ගල්ගමුවේ පණ්ඩුක ඇතා මිය ගොස් ඇත්තේ මුඛයේ හා උගුරේ ඇතිවූ ආසාධනයකින් 🕔2019-02-22
- එක් කෝටි හැටතුන් ලක්ෂයක රන්බඩු හා රන් බිස්කට් ගෙනැල්ලා 🕔2019-02-22
- අයිස් හොයන්න ගිහින් මදුක මැරුම්කයි 🕔2019-02-22
- ළමයින් ඇතුළු 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් 6 වැනිදා දක්වා රිමාන්ඩ් 🕔2019-02-22
- මාධ්‍යවේදියකුට පහර දුන් පොලිස් පරීක්ෂකවරයා රු. 50,000ක ඇප මත මුදා හරියි 🕔2019-02-22
- පාසල් දරුවකුත් සමඟ හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවක් අත්අඩංගුවට 🕔2019-02-22
- ඊශ්‍රායලයට වන්දනාවේ ගිය පිරිසක් පිටුවහල් කරති 🕔2019-02-22
- අලි නඩුව විභාග කිරීමට බලයක් තිබේද යන්න තීන්දුව මාර්තු 7 වැනිදා 🕔2019-02-22
- දඹාන පෞද්ගලික කෞතුකාගාරයක තිබූ බලපත්‍ර රහිත සත්ත්ව හා ශාක කොටස් සමග සැකකරු අත්අඩංගුවට 🕔2019-02-22
- සැබෑ සිංහල බෞද්ධයන් වැඩ කරනවා මිස බෙර ගහන්නේ නෑ 🕔2019-02-22
- ජනතාව පාර්ලිමේන්තුවට පත්කරලා එවන්නේ කුඩුකාරයෝද? 🕔2019-02-22
- මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමැතිවරුන් ගැන සොයන කමිටුව ගැන අපිට විශ්වාසයක් නෑ 🕔2019-02-22
- ගුරුවරයයි බිරියයි මාර ගහක් උඩ මාර උපවාසයක 🕔2019-02-22
- ග්ලෝරියස් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම හෙටමb 🕔2019-02-22
- යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක් 🕔2019-02-22
- පළාත් සභා ඡන්දය ඉක්මන් කිරීමට ගතයුතු පියවර ගැන ජනපති - විපක්ෂ නායක සාකච්ඡාවක් අද 🕔2019-02-22