දීපිකා හොර රහසේම විවාහ වුණාද?

  👤  2236 readers have read this article !
Published by : MB WEB 2017-10-04 17:23:17

නිතරම මාධ්‍යයේ අවධානයට ලක්වෙන සුරූපී නිළි දීපිකා පදුකෝන් ගැන කාලෙන් කාලෙට විවිධ කටකතා පැතිරෙනවා. ඇය කඩවසම් නළු රන්වීර් සිං එක්ක පෙමින් බැඳුණ කතාවත් දැන් නම් කාටත් රහසක් නොවෙයි. ඒ හින්දම රූගත කිරීම්වලට පැරීසියට ගිහින් ඉන්න රන්වීර් හමුවෙන්න දීපිකා විටින් විට එහි යන බවත් ආරංචි වෙනවා.

මේ අතරෙදි ඇය ළඟදී සහභාගි වූ උත්සවයකදී, පැලඳි දියමන්ති මුදුවත් කාගෙත් කතාබහට ලක්වුණා. මේ මුදුව විවාහ ගිවිස ගැනීමේ මුදුවකට සමාන වූ නිසාම රන්වීර්, දීපිකා හොර රහසේම විවාහ වුණාද කියලත් මාධ්‍යටත් සැක හිතිලා තිබුණා. ඒ වගේම වම් අතේ මංගල මුද්ද පලඳින ඇඟිල්ලෙම මේ අලංකාර මුදුව පල¼දා තිබීමත් නිසා ඇයට මේ අගනා දියමන්ති මුදුව රන්වීර්ගෙන් ලැබුණ ආදරණීය තෑග්ගක් වෙන්නත් පුළුවන්.

කොහොම වුණත් බොලිවුඩ් රසික රසිකාවියන් මේ දෙන්නාගේ ආදර කතාව ගැන නිතරම විමසිල්ලෙන් ඉන්න නිසා රන්වීර් දීපිකා යුවළට ආදරය වගේම විවාහයත් හංගන්න නම් බැරිවේවි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon