මත්තල ගුවන්තොට අපි විකුණන්නේ නැහැ

  👤  1905 readers have read this article !
Published by : MB WEB 2017-10-16 12:43:55

මත්තල ගුවන්තොටුපොළ විකිණීම සඳහා රජය කිසිදු තීන්දුවක් අරගෙන නොමැති බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා හම්බන්තොට - මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති, මහවැලි කලාපයේ සිටින ගොවිජනතාව හට හිමිකම් පත්‍ර 3,000ක් ලබාදීමේ අවස්ථාවට එක්වීමෙනි.

මෙහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය.

මත්තල ගුවන්තොටුපොළ ලංකාවේ ආයතනයකට හෝ විදේශ රටකට බදු දෙන්නේනම් කැබිනට් මණ්ඩලය පුළුල්ව සාකච්ඡා කරලා විනිවිදභාවයෙන් යුතුව පාර්ලිමේන්තුවත් ජනතාවත් දැනුවත් කරමින් රටට හිතකර විදියට තමයි තීන්දු ක්‍රියාත්මක කරන්නෙ. හොර රහසේ ගිවිසුම් ගහන්න, හොර රහසේ විකුණලා දාන්න මේ රජය තුළ අපි ඉඩ දෙන්නෙ නැහැ.

අපිට අවශ්‍ය රටක් විදියට ඉස්සරහට යෑමටයි. අපිට හම්බන්තොට දිස්ත්‍රික්කය දියුණු කරගන්න අවශ්‍යයි. මේ දිස්ත්‍රික්කයේ තවම ඉන්නවා රැකියා නැති විශාල ප්‍රමාණයක්. අවුරුදු 26ක් මම මේ දිස්ත්‍රික්කයේ හිඳීමෙන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. ඒත් තවමත් නිසි පරිදි වැසිකිළියක් නැති ජනතාව 15,000ක් ඉන්නවා කියන එක ගැන මම ලැජ්ජ වෙනවා.

ධීවර අමාත්‍යාංශය තුළ මම පළමුවෙන්ම ධීවර ජනතාවට වැසිකිළි පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළා. මේ අවුරුද්දෙ අපි බලාපොරොත්තු වෙනවා 7,000කට වැසිකිළි ආධාරය ලබා දෙන්න. ලබන වසරේ දිස්ත්‍රික්කයේ සියලුම දෙනාගෙ සනීපාරක්ෂක ගැටලුව විසඳන්න බලාපොරොත්තු වෙනවා. ධීවර ජනතාවගේ මෙන්ම අනෙක් අයගේත් නිවාස ගැටලුව විසඳන්න අවශ්‍ය කටයුතු ආරම්භ කරල තියෙනවා.

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon