මම දන්නේ නැහැ කියල මෛත්‍රිට පැනල යන්න බැහැ
එක පැත්තකින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සමඟ සාකච්ඡා කිරීමට සැරසෙන අතර අනෙක් පැත්තෙන් ඔවුන් ආසන සංවිධායක ධුරවලින් නෙරපා හැරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ දෙබිඩි පිළිවෙත හෙළි කිරීමක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මන්ත්‍රිවරයා මේ අදහස් පළ කෙළේ ගම්පහ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් සමඟ උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්රණ ශාලාවේදී පැවැති හමුවකට සහභාගි වෙමිනි.
මන්ත්‍රිවරයාද එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කෙළේය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් නැවතත් පක්ෂයට එකතු කරගන්න සිකුරාදා ලියුම් අස්සන් තබන ගමන් ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා අපේ මන්ත්‍රිවරුන් සංවිධායක ධුරවලින් ඉවත් කරන්න කටයුතු කළා. එක පැත්තකින් අපට සුහදව අත දිගු කරන ගමන් අනෙක් අතෙන් කොනිත්තන එක තමයි මේ දෙබිඩි නායකත්වයේ ප්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ.
පක්ෂ නායකත්වයට ඒකාබද්ධ විපක්ෂයේ අපිව මතක් වෙන්නේ ඡන්දයක් කිට්ටු වුණාමයි. ඡන්දෙට ඉස්සර අපිව ළඟට අරන් හුරතල් කරලා ඡන්ද ටික පෙට්ටියට දාගෙන අපට ගහලා පන්න ගන්න එක තමයි මේ නායකයාගේ ක්‍රියාපිළිවෙත. ඒක පසුගිය මහ මැතිවරණයේදී ඔප්පු වුණා.
ඒකාබද්ධ විපක්ෂය විදියට අද එකතු වෙලා ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩිම ජනප්‍රසාදයක් සහිත ජේයෂ්ඨතම මන්ත්‍රිවරුන් කණ්ඩායමක්. ඒකාබද්ධ විපක්ෂයේ අපට ජනතාව පවරපු වගකීමක් තිබෙනවා. ඒ තමයි මේ දේශද්‍රෝහී ආණ්ඩුව පලවා හැරීම. ඒකාබද්ධ විපක්ෂයේ අපි කැපවෙලා ඉන්නේ ඒ යුතුකම වෙනුවෙන්.
ජනබලයක් නැති ශ්‍රී ලනිපයේ බලය අල්ලාගෙන ඉන්න මේ කල්ලිය අද පක්ෂය අරගෙන යන්න හදන්නේ වළපල්ලට. පක්ෂයේ ජනප්‍රිය සංවිධායකවරුන් ඉවත් කරමින් ඔවුන් කටයුතු කරන ආකාරය දිහා බැලුවම අපට පේන්න තියෙන්නේ පක්ෂය ගොඩනැඟීමේ වුවමනාවක් නොව පක්ෂය විනාශ කිරීමේ වුවමනාවක් මේ අයට තිබෙන බවයි.
මේ අයට වුවමනා වෙලා තියෙන්නේ සදාකාලිකවම එක්සත් ජාතික පක්ෂයට බලයේ ඉන්න පුළුවන් පසුබිමක් හදන්නයි. 29 වතාවක් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් හදලා දීලා තවදුරටත් රටේ සම්පත් මංකොල්ල කන්න ඉඩ හදා දුන්නේම අපේම පක්ෂයේ අය විසින් වීම තමයි අපට තිබෙන කනගාටුව.
අපේම අය මුල්වෙලා හදලා දීපු මේ දේවල් හවුල් ආණ්ඩුව ඇතුළේ එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කරලා තියෙන හැටි බලන්න. මහ බැංකු කොල්ලය කියන්නේ මුළු ආසියාවෙම සිද්ධ වෙච්ච ලොකුම කොල්ලය. ඒකට එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ සිට ඇඟිල්ල දිගු වෙලා තියෙනවා.
ඊළඟට තායිවානයේ බැංකු කොල්ලයට සම්බන්ධ අයත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් සමඟ සමීප සබඳතා පවත්වා තිබෙන හොරුන්ව ආයතන සභාපතිකම්වලට පත් කිරීමේ ප්‍රමුඛයා බවට අද එක්සත් ජාතික පක්ෂය පත්වෙලා. එහෙම වෙලා තියෙන්නේ මේ සේරම හොරු. එකම හොර රැළක සාමාජිකයන් නිසයි.
වැලේ වැල් නැතිව හිටපු රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් හදලා දීපු යහපාලන ප්‍රේමීන් සියලු දෙනා මේකට වගකියන්න ඕනේ.
මම දැක්කේ නැහැ. මම දන්නේ නැහැ කියලා මේකෙන් පැනලා යන්න ජනාධිපතිවරයාට බැහැ. ඔහු තමයි මේ හොරු රැළ බලයට ගෙනාවේ. ඔහු තමයි මේ රට හොරුන්ට උකස් තිබ්බේ. දන්නේ නෑ කියන්න ඉස්සර දවස ගාණේ පත්තර ටිකවත් බලලා අද රටේ වෙන දේවල් දැනගන්න කියලා මම ඉල්ලා සිටිනවා.
ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර
අද මව්බිමෙන්
- ලංකාව අවට මළ මුහුදක් කලාපයටම භයානක අනතුරක් 🕔2019-02-24
- එජාපයට විරුද්ධව වැඩ කළ කණ්ඩායමක් ඇතුළෙ ඉඳන්ම කකුලෙන් ඇද්දා - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන 🕔2019-02-24
- සේනාවාටත් වඩා දරුණු කීඩෑවෙක් රජරටට රිංගයි 🕔2019-02-24
- රනිල් දැන් හොඳටම හිරවෙලා 🕔2019-02-24
- ඉංජිනේරු රේගු ලොක්කා බීඩි කොළ කන්ටේනරය වරායෙන් පැන්නූ හැටි 🕔2019-02-24
- යුද බිමේ විකුම් පා ජීවිතයෙන් සමුගෙන ගිය රණවිරුවකුගේ නොමියෙන මතක 🕔2019-02-24
- හබරකඩ මහ ප්‍රජා සත්කාරක වැඩසටහන 24 වැනි ඉරිදා 🕔2019-02-24
- භාෂා තුනෙන්ම උප්පැන්නෙ දෙන්න ඔක්කොම ලෑස්තියි 🕔2019-02-24
- මධුෂ්ගේ බිරිය ගයානි මුතුමාලි සියලු රහස් හෙළි කරයි 🕔2019-02-24
- ව්‍යවස්ථාදායක සභාව පෞද්ගලික සමාගමක්ද? 🕔2019-02-24
- පොර වන්ෂොට් දියර ගහලා.. 🕔2019-02-24
- බෞද්ධ පුනරුදයේ පියා ඕල්කට්තුමාද ගුණානන්ද හිමිද කථිකාව අද 🕔2019-02-24
- ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම 🕔2019-02-24
- ශ්‍රී මත් ලලිත රාජපක්ෂ ගම ජනතා අයිතියට 🕔2019-02-24
- අධිකරණයේ සහ විනිසුරුවන්ගේ ගෞරවය ගැන අපි ඉතා සැලකිලිමත් 🕔2019-02-24
- සිය ගණනක් පණපිටින් පිලිස්සුණු බංග්ලාදේශයේ බිහිසුණු ගින්න 🕔2019-02-24
- රන්ජන්ගේ හෙළිදරව්ව සැහැල්ලුවෙන් ගත නොහැකියි 🕔2019-02-24
- රත්ගම ව්‍යාපාරිකයන් පහරදී මරා දැමූ හැටි එස්.අයි. වමාරයි 🕔2019-02-24
- මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකට! 🕔2019-02-24
- ව්‍යාපාරිකයන් දෙදෙනා මරා පුලුස්සලා 🕔2019-02-24