හර්බජාන් සිං අනාථ නිවාසයකට යයි

  👤  668 readers have read this article !
Published by : MB WEB 2017-10-18 18:04:42

ඉන්දියාවේ මෙන්ම ලොව පුරා සිටින හින්දු භක්තිකයන් මහත් ඉහළින් සමරනු ලබන දීපවාලි දිනයේදී බොහෝ විට ඔවුන් ගත කරනු ලබන්නේ තම නෑ හිත මිතුරන් සහ සමීපතමයන් සමඟයි. මෙවර හර්බජාන් සිං දීපවාලි දිනය ගත කොට ඇත්තේ අනාථ නිවාසයකයි.

නොයිඩාහි පිහිටි මෙම අනාථ නිවාසයේ ගතකළ පැය කීපය තමාට කෙදිනකවත් අමතක නොවන බව හර්බජාන් සිං පවසනවා. ඔහු එහි අනාථ ළමුන් සමඟ එකට සිට ගත් ඡායාරූපයක් අන්තර්ජාලයට මුදා හරිමින් මෙසේ සඳහන් කොට තිබුණා.

"මේ දරුවන්ගේ මුහුණුවල ඉතිරෙන සිනාවෙන් මුළු ලෝකයම ආලෝකවත් වෙනවා වගේ මට දැනෙනවා. ඔවුන් පතන ආදරය, ළෙන්ගතුකම දෙන්න ලැබීම තරම් සතුටක් මට තවත් නැහැ."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon